මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පෙරළිය ජාතික වැඩසටහනෙන් කෑගල්ලට රු.මි 1800 ක්

    අගෝස්තු 31, 2018

    ගම්පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට රු.මිලියන 1800 ක මුදල් ප්‍රතිපාදන හිමිවී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 9 යට එක් මැතිවරණ කොට්ඨාසයට රු.මි 200 ය බැගින් මෙම මුදල් හිමි වේ. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ගම්පෙරළිය වැඩසටහන මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති ව්‍යාපෘති 5058 ක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර ඇතැයි ද කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම යටිතල පහසුකම් සංවර්ධනය සඳහාත්, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය හා ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීම සඳහා විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya