අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ business Desk මෙහෙයුම් මැදිරිය අගමැති සුරතින් විවෘත කෙරේ

    අගෝස්තු 22, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාර දහසක් බලගැන්වීමේ අරමුණින් ස්ථාපිත කළ business Desk මෙහෙයුම් මැදිරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමතා විසින් පසුගිය දා විවෘත කරන ලදී. මීට සමගාමීව business Deskවෙබ් අඩවිය ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් විවෘත කෙරෙණි.


    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2025 වන විට ආසියාවේ ප්‍රමුඛ ජනාවාසය කිරීමේ අරමුණින් දිස්ත්‍රික්කය තුළ අවම වශයෙන් රැකියා 5 ක් බිහිකළ හැකි ව්‍යවසායකයන් 1000 ක් බිහිකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එම ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු වලට සාර්ථක ලෙස පිළියම් යෙදීම සඳහා මෙම business Deskමෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කරන අතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයකම සිටින සෑම ව්‍යවසායකයෙකුටම මෙමඟින් සිය ගැටළු වලට විසඳුම් ලබා ගත හැකිය.


    මේ සඳහාම පුහුණු කරන ලද රජයේ නිලධාරීන් කණ්ඩායම් 350 කට ආසන්න පිරිසක් සිටිති. ව්‍යවසායකයන් වෙත පෞද්ගලික අධීක්ෂණය සඳහා පත්කර ඇති නිලධාරීන් විසින් හඳුනාගන්නා ගැටළු ප්‍ර දේශීය ලේකම් කොට්ඨාස වල ඇති business Desk මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විසඳුම් සපයන අතර ඉන් විසඳිය නොහැකි ගැටළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ business Desk මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරයි. ගැටළු වල ස්වරූපය අනුව අදාළ පාර්ශවයන් සම්බන්ධ කර ගිනිමින් කඩිනම් විසඳුම් ලබා දීම මෙම මෙහෙයුම් මැදිරියේ කාර්යභාරයයි.


    මෙම business Deskමෙහෙයුම් මැදිරිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න යන මැති ඇමතිවරුන් හ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    මෙම අවස්ථාවේදී එන්ට්‍රප්‍රයිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ ණයලාභීන් 9 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම ද අගමැතිවරයා විසින් සිදුකෙරිණි.

    DMU/kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya