අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරස්නාගල ජල ව්‍යාපෘතිය 2020 අවසන් කිරීමට පියවර

    අගෝස්තු 22, 2018
    ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 449ක් ආවරණය වන පරිදි පානීය ජල සැපයුම ලබාදීම සඳහා පසුගිය  2014 වසරේ ආරම්භ කරන ලද කරස්නාගල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය 2020 වසරේදී අවසන් කිරීමට සැලසුම් කොට ඇත.
     
     මෙම ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙහි ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 101ක්, අත්තනගල්ල වසම් 151ක්, මිනුවන්ගොඩ වසම් 121ක්, මීරිගම වසම් 34ක් සහ මහර කොට්ඨාසයේ වසම් 42ක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05හි ලක්ෂ 06ක ජනතාවක් වෙනුවෙන් පානීය ජලය සැපයීම සඳහා පසුගිය රජය සමයේ ආරම්භ කෙරිණි.
     
    අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙහි සම සභාපති පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රසෝම සරණලාල් මහතා, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මාධ්‍ය කණ්ඩායමක් සමඟ පසුගියදා කරස්නාගල ව්‍යාපෘති වැඩබිමෙහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. මේ අවස්ථාවේ ජල සම්පාදන මණ්ඩලය යටතේ සිදුවන ජල පිරිපහදුවෙහි කටයුතු සිදු කෙරෙන ආකාරය ද දැකගත හැකි විය.
     
      දෛනික ධාරිතාවය ඝන අඩි 54,000කින් යුත් පිරිපහදුව මෙලෙස ඉදිකෙරෙමින් පවතී. ව්‍යාපෘතිය සිදු කරන චයිනා මැෂිනරි ඉංජිනේරු කෝපරේෂන්හි ව්‍යාපෘති ඉංජිනේරු කියු බීන් සහ ව්‍යාපෘතියෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.ඒ.පී.ජයසිංහ සහ ව්‍යාපෘති ඉංජිනේරු මුදිතා බුලත්සිංහල යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් ව්‍යාපෘතියෙහි දැනට පවතින ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළහ.
     
     මෙහිදී කියු බීන් මහතා ප්‍රකාශ කොට සිටියේ, 2014 වසරේදී වසර 03කින් ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු ඇරඹුවද ඇතිවූ විවිධ ගැටලු හේතුවෙන් 2017 දක්වා පමාවීම් සිදුවූ බවයි. මේ විට පවිත්‍රාගාරයෙහි ඉදිකිරීම් සිදුවෙමින් පවතී. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ ජල සම්පාදන මණ්ඩලය විසින් මෙලෙස පවිත්‍රාගාරය ඉදිකරනු ලබන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් බස්නාගොඩ ජලාශය ඉදිකිරීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමෙන් පසුව මෙම වසර අගදී පමණ එහි කටයුතු ඇරඹෙනු ඇති බවත් 2020 වසරේදී කටයුතු අවසන් කිරීමට නියමිත බවත්ය.
     
      පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රසෝම සරණලාල් මහතා මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, 2018 වසරේදී ජල ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණද ප්‍රායෝගිකව ඇතිවූ ගැටලු කිහිපයක් මත පමාවූ බවත් 2020 වසර වනවිට පිරිපහදුව මෙන්ම ජලාශය ඉදිකිරීමේ කටයුතු ද අවසන් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙමින් ජලාශය ඉදිකිරීමේදී ඉවත් කෙරෙන නිවාස හා ඉඩම් වෙනුවෙන් විකල්ප ස්ථාන ලබාදීමට කටයුතු කඩිනම් කරන බවත්ය. මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන්කර ගම්පහ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය සඳහා විසඳුම් ලබාදීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍යව ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
     
    මෙම ජල ව්‍යාපෘතිය සඳහා චීන ණය යටතේ රුපියල් මිලියන 33,060 ක් වැය කෙරෙන අතර දෛනික ධාරිතාවය ඝන මීටර් 85 කිනි යුත් වහරක ජල තුළුමුව සහ පොම්පාගාරයක්ද ඝණ මීටර් 10000 ධාරිතාවකින් යුත් නිකහැටිකන්ද උස්මට්ටමේ ජල තටාකය සහ ඝන මීටර් 1500 ක ධාරිතාවකින් යුත් නයිවල, මිනුවන්ගොඩ ,බැලුම්මහර,  පස්යාල සහ රන්පොකුණුගම නව ජල කුළුණු පහක්ද ඉදි කෙරෙනු ඇත
    DMU/Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya