මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැව් දහසක් ගම්දහසක් යටතේ මාතලේ වැව් 10ක් සංවර්ධනය කිරීමට පියවර

    අගෝස්තු 21, 2018

    කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක වැව් දහසක් - ගම් දහසක් සංවර්ධන ව්‍යපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වැව් දහයක් සංවර්ධනය කිරීමට පියවරගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ මාතලේ ඊරියගොල්ල වැවේ සංවර්ධන කටයුතු කෘෂිකර්ම අමත්‍ය මහින්ද අමරවීර හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

    ඊරියගොල්ල වැව, බීඩී දෙවල, යටවත්ත කටුවැටිය, දඩුවෙල කෝරලගේ වැව, අලුගොල්ල දංවැහැර වැව, පල්ලේපොල බෝමේරුව වැව, හත්තොට අමුණ වැලිවරණා ගොල්ල වැව, ලග්ගල නාරංගමුව වැව, කිබිස්ස රංගිරිගම වැව, ගලේවෙල මීවල පතන වැව යන වැව් ගම් දහසක් වැව්දහසක් ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයට මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 108ක මුදලක් ලැබී තිබේ.

    DMU/matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya