අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ අලුත් සහල් මංගල්‍යය තිස්සමහාරාම රජමහා විහාරයේදී

    අගෝස්තු 18, 2018

    තිස්සමහාරාම ලංකා බැංකු මඟින් 23 වන වරටත් සංවිධානය කළ අලුත් සහල් මංගල්‍යය ඊයේ (17) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රධාන අදායම් මාර්ගය වී ගොවිතැන. හම්බන්තොට ප්‍රදේශයෙත් ප්‍රධාන අදායම් මාර්ගය වී ගොවිතැන. පසුගිය නියඟය නිසා වගා කරන්න පුළුවන් භූමියෙන් හරි අඩකට වැඩිය වගා කරන්න බැරි වුණා. නියඟය තිබුණත් හම්බන්තොට කුඹුරු වගා කරන්න පුළුවන් වීම ගැන අපි සතුටු වෙනවා.

    යල කන්නයේ වී මිලදී ගන්න රජය රු.මි.4900ක් වෙන් කරලා තියෙනවා.ඉදිරියට අපි වී වේලීමේ යන්ත්‍ර හඳුන්වලා දෙනවා.

    ඊළඟ කන්නයේ රතු වී වගාව ටිකක් අඩු කරලා සුදු වී වගාව වැඩි කරන්න කියලා මම ගොවීන්ට යෝජනා කරන්න කැමතියි.

    අපිට තව අභියෝගයක් තියෙනවා.වැස්ස හොඳ වුණොත් රටේ සහල් නිෂ්පාදනය වැඩියි. ඒ නිසා ලංකාවට වගේම අපි විදේශ වෙළඳපොල වෙනුවෙන් සහල් නිෂ්පාදනය කළ යුතුයි. අම්බලන්තොට නිරෝගා කියලා සහල් වර්ගයක් හඳුන්වා දීලා තියෙනවා. ඒකට විදේශ වෙළඳපොලේ මිලක් හදාගන්න පුළුවන්.

    “ අපි වවලයි- අපි කන්නේ ” වැඩසටහන යටතේ කොස් පැළ දසලක්ෂයක් වගා කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළා. ගෙවතු වගා ලක්ෂයක් ඇති කරන්න අපි සැලසුම් කළා. නමුත් දැන් අපි ගෙවතු ලක්ෂ 2ක් හදනවා.

    23 වන වරටත් තිස්සමහාරාම ලංකා බැංකුව මඟින් සංවිධානය කළ අලුත් සහල් මංගල්‍යය තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ පැවැත්විණ. මෙම අවස්ථාවට හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සහ ලංකා බැංකුවේ නිලධාරීන් රැසක් සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya