මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන'' යටතේ මාතර දිස්ත්‍රික්කයේ බැංකු ශාඛා 55 කින් ණය නිකුත් කෙරේ

    අගෝස්තු 17, 2018

    ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායක නිපුණතාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැ‍ඟීම සඳහා 2018 අය-වැය තුළින් රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හඳුන්වා දෙනු ලැබූ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ බැංකු ශාඛා 55 කින් රජයේ පොලී සහනාධාර සහිත ණය ලබාදීම සිදුකෙරේ.

    ඒඅනුව මාතර දිස්ත්‍රික්කයේ මහජන බැංකු ශාඛා 14 ක්, ලංකා බැංකු ශාඛා 21 ක් හා ප්‍රාදේශිය සංවර්ධන බැංකු ශාඛා 20 ක් මේ වන විට මහජනතාව වෙත සහන ණය ප්‍රදානය සිදු කරයි.

    රාජ්‍ය හා පෞද්ගලික බැංකු, විදේශීය මූල්‍ය සහයෝගිතා ආයතන හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර ඒ අනුව එම බැංකු විසින් අදාළ ණය පහසුකම් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම 16කින් සමන්විත වේ. පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම යටතේ රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය, ගොවි නවෝදා ණය යෝජනා ක්‍රමය, රිය ශක්ති ණය යෝජනා ක්‍රමය, රිවි බල සවි ණය යෝජනා ක්‍රමය, දිරි සවිය ණය යෝජනා ක්‍රමය, ජය ඉසුර ණය යෝජනා ක්‍රමය, සොඳුරු පියස ණය යෝජනා ක්‍රමය, මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය, ඇරඹුම ණය යෝජනා ක්‍රමය, හරිත ණය ණය යෝජනා ක්‍රමය හා මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය වශයෙන් ණය යෝජනා ක්‍රම 11 ක් ක්‍රියාත්මකවේ.

    විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම යටතේ වහලය මත සවි කරන ලද සූර්ය බල ශක්ති උත්පාදන වැඩසටහන (ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරේ), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය, පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමය වශයෙන් ණය යෝජනා ක්‍රම 03 ක් ක්‍රියාත්මක ය. මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් යටතේ ජාතික ණය සුරැකුම් ආයතනය හා කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන පිහිටුවීම සඳහා සහාය වීම වශයෙන් වැඩසටහන් දෙකක් ක්‍රියාවට නැංවේ.

    මෙකී සහන ණය යෝජනා ක්‍රම සඳහා දීප ව්‍යාප්තව 2018 වසර තුළ පොලී සහනාධාර ගෙවීමට පමණක් රජය විසින් රුපියල් මිලියන 5, 250ක් වෙන්කර ඇති අතර, එම මුදල උපයෝගි කරගනිමින් මෙරට ආර්ථිකය තුළ රුපියල් මිලියන 60,000කට ආසන්න ප්‍රාග්ධනයක් සිදුකළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙමගින් නව රැකියා අවස්ථා 50,000ක් පමණ ඇති කිරීමට ද අපේක්ෂිත ය.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya