අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපජලය විධිමත්ව බැහැර කිරිමට නව ව්‍යාපෘතියක්

    අගෝස්තු 17, 2018

    අපජලය විධිමත්ව බැහැර කිරිම සඳහා ගාල්ලට නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.

    අපජලය විධිමත්ව බැහැර කිරීම වෙනුවෙන් නාගරික අපජල පද්ධතියක් සැකසීමට රජයට ප්‍රංශ රජය විසින් අනුග්‍රහය දක්වා ඇත. රුපියල් මිලියන 20786ක පිරිවැයක් මේ වෙනුවෙන් වැයකෙරෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන නාගරික බල ප්‍රද්ශය තුළ මෙම ව්‍යාපෘතිය සිදු කිරිම සඳහා කටයුතු සඳහා රුපියල් මිලියන 490ක් වැය කිරීමට නියමිතය.

    මේ අනුව ගාල්ල , මහනුවර, කුරුණෑගල , කැළණිය, කතරගම, මීගමුව , පෑළියගොඩ යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. ශ්‍රි ලංකාව තුළ 2.12% ක් ප්‍රජාව පමණක් විධිමත් පරිදි අපජලය බැහැර කිරීම සිදු කරනු ලබයි. Shift( sanitation and hygiene initiative for towns) ලෙස හඳුන්වනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරය සහ උණවටුන යන නාගරික ප්‍රදේශයන් පළමු පියවර ලෙස හඳුනාගෙන ඇත. මේ අනුව පළමු අදියර පවුල් 3000ක් සඳහා නොමිලේ මෙම පිරිපහදු නළ පද්ධතියට අවශ්‍ය සබඳතා ලබා දීමට නියමිතය.


    නිවෙස්වලින් බැහැර කරනු ලබන අප ජලය නළ මගින් මධ්‍යස්ථාන කිහිපයකට රැස් කොට පිරිසිදු කර මුදා හැරීම මෙම වැඩපිළිවෙළේ මුලිකම අරමුණයි. විධිමත් පරිදි අප ජලය බැහැර කරලීම ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියේදී සැකසීමට නියමිතය. මෙම නළ පද්ධති ඉදිරියේදී නාගරික සීමාව තුළ අනිවාර්යය කරුණක් වන බවත් එහි මෙහෙයුම් ක්‍රියාවලිය ජල සම්පාදන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් ඒකකය සඳහන් කර සිටී.


    ඒ අනුව ව්‍යාපෘතිය මඟින් ගාල්ල ප්‍රදේශයේ පියවර 2ක් යටතේ ග්‍රාම නිලධාරී වසම් 43ක් ආවරණය වනු ඇත. උණවටුන ප්‍රදේශයේ හෝටල් 85 ක් පමණ, නිවාස 585 ක් පමණ සහ වෙළඳසැල්, පාසැල්, ආගමික ස්ථාන 103 පමණ ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිත වේ.

    යෝජිත අපජල කළමණාකරන පද්ධතිය යටතේ නිවාස කඩ සාප්පු හෝටල් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රෝහල් වල ගෘහස්ථ අපජලය ලබා ගැනීමට නියමිතය. නමුත් කර්මාන්ත ශාලා වලින් සහ වාහන සේවා ස්ථාන වලින් නිකුත් කරනු ලබන අපජලය මෙම පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත ශාලා මඟින් මූලික පිරිපහදු කිරීමක් සිදු කළ යුතුය. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2018 අගොස්තු මාසය තුළ මීගමුව,ගාල්ල උණවටුන සහ කැළණිය පෑලියගොඩ ප්‍රදේශයන්හි සැලසුම් කටයුතු ආරම්භ කරනු ලබන අතර මීගමුව නගරයේ ඉදිකිරීම් කටයුතු 2022 වර්ෂය වන විට නිම කිරීමට බලාපොරෝත්තු වේ.


    මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රි ලංකා රජය රුපියල් මිලියන 5018ක්, යුරෝපා සංගමය විසින් රුපියල් මිලියන 1100 සහ ප්‍රංශ සංවර්ධන ආයතන මගින් මිලියන 14668 යෙදවිම සිදු වේ.

    මෙවැනි මධ්‍යගත අපජල පිරිපහදු පද්ධතියක් අවශ්‍ය වනුයේ, අධික ජනගහනය නිසා භූමි පරිභොජනය වැඩිවීම හේතුවෙන් එක් එක් නිවාස ඒකක සඳහා පූතික ටැංකි වෙනම ඉදිකිරීමට භූමි ප්‍රමාණවත් නොවීමයි. පවතින පූතික ටැංකි පවත්වා ගැනීමේ හා නඩත්තු කිරීමේ අවිධිමත් බව වැළැක්වීම,ස්වාභාවික ජල ප්‍රවාහ වලට නීති විරෝධී ලෙස අපජල බැහැර කිරීමෙන් එම ජල ප්‍රවාහ අපිරිසිදු වීම වැළැක්වීම,භූගත ජල මුලාශ අපවිත්‍ර වීම වැළැක්වීම, ජල කාන්දු වීම නිසා වන නායයෑම් වැළැක්වීම,ක්‍රියාත්මක හා නඩත්තු කිරීමේ පහසුව, පරිසර සංරක්ෂණයට සක්‍රීය දායකත්වය දැක්විමද මෙම ව්‍යපෘතියෙන් අපෙක්ෂිතය. මේ වන විට මහනුවර, කුරුණෑගල , මීගමුව යන නාගරික ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya