අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාභාවික ආපදා පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ දී

    අගෝස්තු 18, 2018

    ස්වාභාවික ආපදා පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් (16) දින පෙරවරුවේ ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් අනුර පියබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් අනුර පියබන්දු මහතා, ගම්පහ දිස්ත්‍රික්කය ආපදාවලින් තොර දිස්ත්‍රික්කයක් ලෙස මුල් කාලයේ හඳුනාගෙන තිබුණත් එම තත්ත්වය වෙනස් කරමින් පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා නියගය හේතුවෙන් ගම්පහ යනු දෛනිකව ආපදාවට ලක්වන දිස්ත්‍රික්යක් වී ඇතැයි පැවසීය.

    යම් ආපදාවකදී මුලින් ම ගැටලුවට මුහුණ දෙන්නේ කාන්තාවයි. අපේක්ෂා නොකරන අවස්ථාවක ඇති වන ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය ජීවිතයේදී අනෙකුත් කටයුතුත් සමඟ අවධානය යොමු කිරීම අවශ්‍ය බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය සපයන ලද්දේ ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත චන්ද්‍රසිරි මහතා විසිනි. ආපදාවකදී ජීවිතය පූජා කළ යුතුද යන්න අප සිතා බැලිය යුතු බවත් ආපදාවකදී කළ යුතු හොඳම හා පළමු දේ ආපදාවෙන් වැලකී ජීවිතය ආරක්ෂා කර ගැනීම බවත් ඒ මහතා සඳහන් කළේය.


    ආපදාවකට මුහුණ දෙන්නේ කෙසේද කියා පළමුව අප සැලසුම් සහගත විය යුතුයි. හැම ආපදාවක් සිදු වීමට පෙර පූර්ව ලක්ෂණ පහළ වේ. මේ රටේ ආපදාවලින් 99%කටම පෙර අනතුරු පිළිබඳ පූර්ව ලක්ෂණ පහළ වේ. ලංකාවේ ආපදාවලින් ක්ෂණිකව ඇතුවන ගංවතුර තත්ත්වයක් නැහැ. එවිට අදාළ ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමට හැකියාවක් පවතී. 2004 ඇති වූ සුනාමි තත්ත්වයෙන් පසු අපේ රටේ ඇති වන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී එම අනතුරුවලින් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැම විට ම රජය කටයුතු කරනවා යැයි ද අජිත් නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින කාන්තාවන් 100 දෙනෙකු තෝරා ගෙන තිබූහ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරිනී දිනූෂා අත්තනායක මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි.

    DMU/Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya