මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලියන 50ක වියදමින් මාතලේට නව බස් නැවතුම් සංකීර්ණයක්

    අගෝස්තු 14, 2018

    මාතලේ නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 50 ක වියදමින් ඉදිවන මාතලේ නගරයේ ගොංගාවෙල බස්නැවතුමේ සංවර්ධන කටයුතු මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අරම්භ කරනු ලැබිය.

    මාතලේ නගරයේ ස්ථාන කීහිපයක බස්රථ නැවතුම් වශයෙන් භාවිත වීම නිසා මගීන් දැඩි අපහසුතාවයකට පත්වි සිටිහ. ඇතැම් බස් නැවතුම්වල මුලික පහසුකම්වත් නොතිබිණි. නව බස් නැවතුම්පල සියලු පහසුකම්ලින් යුතුව කඩිනමින් මාස10 තුළ අවසන් කිරීමට නියමිතය.

    ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මාර්ග තදබදය රටේ සංවර්ධනයට බාධාවක් බවට පත්ව ඇති බව නව බස්නැවතුමේ වැඩ කටයුතු සමාරම්භක උළෙලට සහභාගි වෙමින් අදහස් දැක්වු මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද නගර සංවර්ධනයේ ප‍්‍රධානතම බාධකය වන්නේ මාර්ග තදබදය බවත් ඒ සදහා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කළයුතු බවත් පැවැසීය.  නගර 13 ක්උපායමාර්ගික නගර වශයෙන් වැඩි දියුණු කිරීමට හඳුනාගෙන ඇති බවත් එම නගර 13ට මාතලේ නගරයත් ඇතුළත් බවද අමාත්‍යවරයා පැවැසීය.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya