අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ වාහන තදබදයට විසඳුම් සොයා බැලීමට කමිටුවක්

    අගෝස්තු 14, 2018
    නගරයට පැමිණෙන වාහන නවතාලීම සඳහා ස්ථාන ප්‍රමාණවත් අයුරින් නොමැති නිසා පැන නැගී ඇති ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගම්පහ  නගර සභාව, පොලීසිය, වෙළෙඳ සංගමය ඇතුලු රාජ්‍ය ආයතන රැසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ගම්පහ නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    මෙහිදී වාහන තදබදය අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස කමිටුවක් පත් කිරීමට ද පියවර ගැනිණි.
     
     
    දිවයිනේ වැඩිම ජනගහනයක් වෙසෙන පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන ගම්පහට දෛනිකව විශාල රථවාහන සංඛ්‍යාවක් පැමිණෙන බැවින් එම වාහන නවතාලීමට ස්ථාන නොමැතිවීමෙන් නගරය තුළ වාහන තදබදයක් නිර්මාණය වනු ඇත.
     
    ගම්පහ නගරය ආශ්‍රිතව රාජ්‍ය ආයතන බොහොමයක් සහ වෙළෙඳසල් ඇතුලු පෞද්ගලික ආයතන මෙන්ම උපකාරක පන්ති විශාල ප්‍රමාණයක් ස්ථාපිතව පවතී. එම ආයතනයන් මගින් රථවාහන නවතාලීම සඳහා පහසුකම් සලසා නොතිබීමෙන් වාහන නැවැත්වීමට මාර්ග දෙපස යොදා ගන්නා ආකාරයක් දැකිය හැකිය.
     
     
     
    නගරයේ තැනින් තැන මෙන්ම ගම්පහ අධිකරණ සංකීර්ණයට දිනකට පැමිණෙන වාහන 300 - 400 අතර ප්‍රමාණය නැවැත්වීමට ස්ථානයක් නොමැතිවීම නිසා එහි වටරවුම ආශ්‍රිතවද වාහන නැවැත්වීම ගැටලුවක්ව පවතින බව ගම්පහ පොලිස් කොට්ඨාස රථවාහන කමිටු රැස්වීමේදී ප්‍රකාශ විය.
     
    නගරය තුළ වෙළදසල් සහ ආයතනයන්හි වසා සිටින අනුමත රථගාල් මාස තුනක් ඇතුළත විවෘත කරන ලෙස ඒවායෙහි හිමිකරුවන්ට දැනුම් දෙන බවත් එසේ නොකළහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බවත් මෙම රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ විය.
    DMU/Gampaha 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya