අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ලට මිලියන 115 ක්

    අගෝස්තු 14, 2018

    දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ (Climate Resilience Improvements Project (CRIP) ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 115ක ප්‍රතිපාදන වෙන්ව ඇත. වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

    මේ යටතේ ඇල්පිටිය , බද්දෙගම, තවලම, නෙළුව, නාගොඩ, නියාගම , යක්කලමුල්ල, වැලිවිටිය දිවිතුර සහ ඉමදුව යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකය. මේ ව්‍යාපෘතිය යටතේ මාර්ග,පාලම් සහ බැති බැමි ඉදි කිරීම සිදුවේ. පසු ගිය ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකබව දිස්ත්‍රික් සැලසුම් ඒකකය පෙන්වා දෙයි. මෙමඟින් ඉදිරියේදි දේශගුණික දේශගුණික බලපෑම් අවම කිරීමට අපේක්ෂිතය. 2018 වර්ෂය තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සියලු කටයුතු සිදු වෙමින් පවතී.

    ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුළ මාර්ග 06ක් බද්දෙගම තවලම බල ප්‍රදේශ තුළ මාර්ග 5 ක් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.නෙළුව, හප්පිටිය වාඩිමුල්ල බරණවිල මාර්ගය සහ ජම්බුගස්විල දේවාලෙගම මාර්ගය සංවර්ධනය කිරීම සිදුවෙයි. නාගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුළ මාර්ග 02ක් නියාගම මාර්ග 04ක් හා යක්කලමුල්ල මාර්ගයක් මෙම (CRIP) ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සිදුවෙයි.

    මෙම ව්‍යාපෘති මගින් ඇති වන ගංවතුර වැනි ආපදා තත්ත්වයන් හේතු කොටගෙන සිදු වන හානි අවම කිරීමට නිර්දේශිතය.එමඟින් දිගු කලක් තිස්සේ ජනතාවට බල පෑ ආපදා හානි රැසකටම දිගුකාලින පිළියම් යෙදීමට හැකියාව ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya