අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල නගර සංවර්ධනය වෙනුවෙන් මිලියන 3712.8ක ප්‍රතිපාදන

    අගෝස්තු 11, 2018
    ගාල්ල නගරයේ ගංවතුර ඇතිවිම මගහරවා ගනිමින්  ප්‍රජාවට බාධාවක් නොවන අයුරින් ජලය බැස යෑමේ සාර්ථක ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම උදෙසා  උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය  යටතේ වැඩසටහන්  රැසක් නගර සිමාව තුළ  මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 3712.8ක ප්‍රතිපාදන  මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය  විසින් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා යොදවා ඇත. 
     
    මේ යටතේ ප්‍රධාන ව්‍යාපාති 03ක් ක්‍රියාත්මක වේ. මොරගොඩ ඇළ හරහා ඇති පාලම් නවිකරණය කිරීම, මොරගොඩ ඇළ හා යාබද අතුරු ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, ජල රැඳවුම් ස්ථාන වැඩි දියුණු කිරීම හා ජල පිවිසුම් ස්ථානයක් ඉදි කිරීම, මෝඩ ඇළ, කැපු ඇළ සහ අතුරු ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය හා ජල රැඳවුම් ස්ථාන වැඩි දියුණු කර ජල පිවිසුම් ස්ථානයක් සැකසීම  යන වැඩසටහන් මෙයට අන්තර්ගත වේ.
     
    ගංවතුර බැස යෑමට නොහැකි සේ ඉදිකර ඇති අක්‍රමවත් පාලම් ඉවත් කර  ඒවා නවීකරණය කිරීම ද මේ යටතේ සිදු කෙරේ.  
     
    ගාල්ල මොරගොඩ ඇළට සම්බන්ධ අතුරු ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම යටතේ හීන් ඇළ,  හිරිඹුර අතුරු ඇළ ,බොම්බෙ කාසල් අතුරු ඇළ, බෙලිගහ අතුරු ඇළ, ඩොනල්ඩ් ජෑන්ස් අතුරු ඇළ ආදී ඇළ මාර්ග  රාශියක් ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට සිදුවේ.
     
    ගංවතුර පාලනය කිරීම සඳහා විසඳුමක් වශයෙන් පෙට්ටිගලවත්ත නව හැරවුම් ඇළ හා පෙට්ටිගලවත්ත නව ජල පිවිසුම් ඇළ ඉදි කිරීමද මේ වන විට ක්‍රියාත්මකය. චීන කොරටුව ආශ්‍රිත කාණු හා අතුරු ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය, මොරගොඩ ඇළට ජල රැඳවුම් ස්ථාන ඉදි කිරීම සහ නව වාන් ඇලක් ඉදි කිරීමද ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මකය. ජූල් ගහ හන්දිය අසල ජල රැඳවුම් ස්ථාන දෙකක් මේ ව්‍යාපෘතියට සමගාමිව ඉදි කෙරේ. මේ ඉදිකිරිම් මගින් ගාල්ලේ ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරිම සහ එයට කඩිනමින් විසඳුම් ලබා දිම අපේක්ෂාවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya