අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව පළාත් මාර්ග සංවංර්ධනයට ලක්ෂ 9000ක්

    අගෝස්තු 11, 2018
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ මාර්ග සංවර්ධනය සඳහා මෙම වර්ෂයට රුපියල් ලක්ෂ 9000ක් රජය මගින් ලබාදී ඇතැයි සබරගමුව පළාත්  ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.
     
    එම මහත්මිය මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් පැවරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    විවෘත පුවත්පත් දැන්වීමක් මගින් ටෙන්ඩර් කැඳවා ඉදිකිරීම් සමාගම් වෙත, මෙම මාර්ග සංවර්ධන කටයුතු පවරා ඇත.
     
    මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාරවරිය පැවසූවේ, නියමිත ප්‍රමිතියට, ලබාදී ඇති කාලය තුළ සබරගමුව පළාතේ ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සියලු මාර්ග සංවර්ධනය සිදු කළ යුතු බවය. සබරගමුව පළාත් සභාව මගින් මාර්ග 583ක් පාලනය වන අතර ඒවායේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 2633කි.
     
    මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ආණ්ඩුකාර ලේකම් රුක්මනී ආරියරත්න, මාර්ග අමාත්‍යාශයේ  සහකාර අධ්‍යක්ෂක (ක්‍රමසම්පාදන) කේ.ඩී.කේ. කුමාරනායක සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා ධම්මිකා වනිගසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya