අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තල්පිටිගල ජලාශයේ ඉදිකිරීම් ඇරඹීමට සූදානම්

    අගෝස්තු 08, 2018
    ඇමරිකානු ඩොලර් මිලියන 174ක් ආයෝජනය කරමින් බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි බත්මැඩිල්ල අමුණට ඉහළින් උමාඔය හරස් කර තල්පිටිගල ජලාශයේ  ඉදිකිරීම් ආරම්භ කිරීමට රජය සැලසුම් කොට ඇත.
     
    සමස්ථ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැයෙන් 85%ක් සඳහා අරමුදල් සැපයීමට චීනයේ අපනයන ආනයන බැංකුව එකගවී තිබේ. 
     
    යෝජිත තල්පිටිගල ජලාශය මගින් බත්මැඩිල්ල ව්‍යාපාරය සඳහා වාරි ජලය සැපයීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් කන්දකැටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාසනාගම, මඩුල්ල, තැටිල්ල සහ බෙරමඩ යන ගම්මානවලට පානීය ජලය සැපයීමටත්, ගිගාවොට් පැය 51 ක ජල විදුලිබලයක් වාර්ෂිකව උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබේ. 
     
    ජලාශයේ සමස්ත ජල පරිමාව ඝණ මීටර් මිලියන 15.83 කි. එමගින් ඝණ මීටර් මිලියන 20 ක් පමණ ගොවිතැන්, පානීය ජලය සැපයීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් නිදහස් කිරීමට යෝජිතය. පහළ මල්වතුඔය ව්‍යාපෘතියට සමගාමීව ඉදිවන දෙවන විශාලම ජල යෝජනා ක‍්‍රමය වන්නේද තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියයි. පුරන්කුඹුරු අක්කර 2000 ක් පමණ මේ යටතේ නැවත වගා කටයුතු සඳහා යොමු කිරීමට අවස්ථාව උදාවන අතර, තවත් වගා බිම් දහස් ගණනකට ජලය සැපයීමටද සැලසුම් කර තිබේ. ජලාශය ඉදිවීමත් සමග නව සංචාරක කලාපයක් බිහිවීමද මෙමගින් ලැබෙන අමතර වාසියකි. එමෙන්ම ආපදා කළමනාකරණය කිරීමේ සැලැස්මක්ද මේ යටතේ ක්‍රියාත්මකයි.
     
    මෙම ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස ඊට අදාල ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීම පසුගියදා සිදුවිය. ඒ වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඉන් අනතුරුව දෙදිනක් පුරා ජාලාශයේ ඉදිකිරීම් සැලසුම් නිරීක්‍ෂණය කිරීමද සිදුවිය. කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, ඌව පළාත් විපක්‍ෂ නායක රාමු. රත්නායක, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංයේ ලේකම් කපිල ජයසේකර යන මහත්වරුන් මෙන්ම වාරි ඉංජිනේරුවන් හා ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන චීන සමාගමේ නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya