අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයෙන් මාතර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 12 ක්

    අගෝස්තු 08, 2018

    රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළේ ප‍්‍රධාන ව්‍යාපෘතිය ලෙස දුගී දුප්පත් ජනතාව එයින් මුදා ගනිමින් ඇති හැකි පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් ඇරඹි ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 12 ක් වෙන්කර තිබේ.

    ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් ග්‍රාම නිලධාරී වසම් 3 බැගින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 හි ග්‍රාම නිලධාරී වසම් 48 ක් පළමු අදියර යටතේ සංවර්ධනය කෙරේ. එක් ග්‍රාම නිලධාරී වසමකට රුපියල් 250,000 බැගින් වන සේ එම මුදල් වෙන්කර ඇත.


    ජීවන මාර්ග දියුණු කරගැනීම, සංවර්ධන තීන්දු තීරණ ප‍්‍රජාව විසින් ගැනීමේ දී ප‍්‍රතිඵල පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ආයෝජන, ප‍්‍රජාවගේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේ දී ප‍්‍රාග්ධන පහසුකම් ලබාදීම, ග‍්‍රාමීය ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සකී‍්‍රය සහභාගිත්වය ලබා ගැනීම මෙමගින් ලැබෙන ප‍්‍රතිලාභයන් ය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්වැල් බැඳ ගැනීම තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධන හා පර්යේෂණ පහසුකම් ලබාදීම, නව තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ අදහස් පදනම් කර ගනිමින් ග‍්‍රාමීය කෘෂි කාර්මික ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම මෙමගින් සිදු කෙරේ.

    සමස්තයක් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා හා ගොඩනැගෙන අවශ්‍යතා පිරිමැසීම සඳහා ග‍්‍රාම නිලධාරි වසම් මට්ටමින් වැඩපිළිවෙළක් ගොඩනැගීම මේ හරහා සිදු වේ. දේශීය කර්මාන්ත හා දේශිය ව්‍යවසායකයින් නැංවීම සහ රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා පුළුල් ජාතික වැඩසටහනක අවශ්‍යතාවය සපුරාලමින් ජනාධිපති කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කරන ලදි.


    2017 – 2020 වසර හතරක කාලසීමාවක් තුළ ඉලක්කගත වැඩපිළිවෙලක් අනුව ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාවට නැංවේ. මේ යටතේ වර්ෂ 2020 වන විට ගම් 15,000 ක ජීවත්වන ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට කටයුතු කෙරේ.


    වසර 2020 වන විට ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ දිවයිනේ ප‍්‍රජා පාලිත ග්‍රාම නිලධාරී වසම් පන්දහසක් ඇති කිරීමට ද නියමිතය. ග‍්‍රාමසේවා වසමක ජනගහනය අනුව රු 8000 ක් සේ ගණන් බැලෙන ඒක පුද්ගල රාජ්‍ය ආයෝජනයක් ග‍්‍රාමීය සංවර්ධන අරමුදලක් ලෙස වසර 4 ක කාලයක් සඳහා ග‍්‍රාම නිලධාරී වසම් සඳහා ඝෘජුව ලබාදීම මේ යටතේ සිදු කෙරේ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya