අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු පාසල් ආශ්‍රිතව සමූපකාර ව්‍යාපාරය ව්‍යාප්ත කෙරේ

    අගෝස්තු 08, 2018
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාසැල් පද්ධති ආශ්‍රිතව සමූපකාර ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර  නිලූකා ඒකනායක මහත්මිය පවසයි.
     
    එම මහත්මිය මේ බව සඳහන් කළේ පසුගිය දින රත්නපුර පිහිටි  කේතුමතී උත්සව ශාලාවේ පැවති 93 වන ජාත්‍යන්තර සමූපකාර සැමරුම් දින උළෙලට එක් වෙමිනි.
     
    මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාරවරිය පැවසූවේ වර්ෂ 105 පැරණි සමූපකාර ව්‍යාපාරය හරහා ශ්‍රී ලාංකීය පුරවැසියන් සඳහා ජයග්‍රහණ රැසක් උරුම කර දී ඇති බවය. පෞද්ගලික අංශයේ වෙළද ඒකාධිකාරය හරහා සිදුවන පොදු ජනතා පීඩනයට එරෙහිව විශිෂ්ඨ මෙහෙවරක් සමූපකාර ව්‍යාපාරය මගින් ඉටු කර ඇතැයි සබරගමුව ආණ්ඩුකාරවරිය මෙහිදී පැවසීය.
     
    සමූපකාර ව්‍යාපාරය ඉදිරි පරපුර වෙත රැගෙනයාමේ හොඳම ක්‍රමවේදය පාසැල් පද්ධති හරහා එම ව්‍යාපාරය ප්‍රචලිත කිරීම බවත් සබරගමුව පළාතේ පළාත් පාසැල් 1115ක් සහ ජාතික පාසැල් 28 ආවරණය වන පරිදි සමූපකාර ව්‍යාපාරය ව්‍යාප්ත කරන බව ආණ්ඩුකාරවරිය පෙන්වාදුන්නාය.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ප්‍රභාත් උදාකර, පළාත් සමූපකාර කොමසාරිස් බී.එම්.පී.එන්. බෙලිගම්මන, සහකාර පළාත් පාලන කොමසාරිස් සමන්කුමාර, සහකාර සමූපකාර කොමසාරිස් සුජාතා චන්ද්‍රසීලී, රත්නපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයේ සභාපති නිශාන්ත වික්‍රමරත්න සහ රත්නපුර ග්‍රාමීය සමූපකාර බැංකු සංගමයේ සභාපති එච්.ඒ. රූපසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya