අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැල මිලියනයක් සිටුවන "සහසක් තුරු" වැඩසටහන මහනුවරින් ඇර‍ඹේ

    අගෝස්තු 08, 2018
    ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහල නැංවීම තුළින්, නාගරික ප‍්‍රදේශයන් මුහුණ දෙන වායු දුෂණය, පරිසර උෂ්ණත්වය වැඩිවීම වැනි ගැටළු අවමකර සෙවන සහිත සුවදායී තිරසර නගර ඇති කිරීම අරමුණු කරගනිමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත "සහසක් තුරු" රුක් රෝපණය කිරීමේ ජාතික පුර සෙවන වැඩසටහන හෙට (09) දා මහනුවර ගන්නෝරුව ගඟබඩ උද්‍යානයෙන් ඇරඹේ.
     
    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශය මගින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
     
    පළමු අදියර යටතේ ගස් 300 ක් සිටුවීමට කටයුතු කරන අතර මෙම වැඩපිළිවෙළ ලංකාවේ වැඩිම වායු දූෂණයක් ඇති මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර  දෙවැනි අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට ද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya