අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගුණකොලපැලැස්ස හා තංගල්ල නිවාස 662කට රු.මි.504 ක වන්දි

    අගෝස්තු 01, 2018
    2017 මැයි මාසයේ දී දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා අගුණකොළපැලැස්ස සහ තංගල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල හානියට පත් නිවාස 662 කට වන්දි මුදල් පිරිනැමීම පසුගියදා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සහ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු විය.
     
    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වන්දි මුදල් පිරිනැමීම සිදු වූ අතර හානියට පත් නිවාස 662 කට රු.මි. 504ක මුදලක් පිරිනමනු ලැබීය. 
     
    හදිසි ආපදාවන්වලට ලක් ව නිවාස හා දේපලවලට හානි සිදු වූ ජනතාවට ඉතාමත් ඉක්මනින් වන්දි මුදල් ලබා දීමට රජය කටයුතු යොදා තිබුණත් ඇතැම් අවස්ථාවල නිවැරදි තොරතුරු නොලැබීම හේතුවෙන් එම කටයුතු සුළු ප්‍රමාදයකට ලක්වන බව කී අමාත්‍යවරයා වත්මන් රජය යටතේ හදිසි ආපදාවලට ලක් වූ සෑම දෙනෙකුටම සිදු වු හානිවලට වන්දි ලබා දීම අනිවාර්යයෙන්ම රජය විසින් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    පසුගිය කාලපරිච්ඡේදය තුළ දැඩි නියඟයක් පැවති අතර ඉන් හානියට පත් ජනතාවට සහන ලබා දීම සඳහා රජය රු.මි. 38,000 ක් වැය කර තිබේ. 
     
    එමෙන්ම රටේ අනිකුත් ප්‍රදේශවලට බලපෑ නායයෑම් ගංවතුර සහ සැඩ සුළං වැනි ආපදාවන් නිසා හානි සිදු විය. රටේ එක පැත්තක නියඟය තිබු අතර තවත් පැත්තක ගංවතුර හා නායයෑම් වාර්තා විය. ඉන් හානියට පත් ජනතාවට කිසිදු පීඩාවත් නොවන ආකාරයෙන් ඔවුන් රැක බලා ගැනීමට රජය කටයුතු කළ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි යන මහත්වරු සභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya