අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “වැව් දහසක් - ගම් දහසක්” මුල් අදියරින් වැව් 758ක් සංවර්ධනය කෙරේ

    ජූලි 31, 2018
    “වැව් දහසක් - ගම් දහසක්” වැඩසටහනින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පළමු අදියර යටතේ දිවයිනේ වැව් 758 ක් සංවර්ධනය කිරීම මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
     
    “වැව් දහසක් - ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ රු. දෙකෝටි පනස්ලක්ෂයක වියදමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළල්වැව සහ මුලිගිරිගල වැව යන වැව් දෙක ප්‍රතිසංවර්ධනය කිරීම ඊයේ (30) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.
     
    එම වැව් දෙක ප්‍රතිසංවිධානය කිරීමට අමරතරව එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද ආරම්භ විය. ඒ අනුව කෘෂිමාර්ග සංවර්ධනය මෙන්ම වැව් යටතේ ඇති ඇලවේලි ඇතුලු යටි ගං ප්‍රතිසංස්කරණ කටයුතු ද ආරම්භ විය. එමෙන්ම ගෙවතුවගාව සඳහා අවශ්‍ය පලතුරු පැළ වර්ග ද අමාත්‍යවරයා විසින් බෙදාදෙනු ලැබීය.
     
    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ නිදහසින් පසු මෙරට ගොවි ජනතාවට වැඩිම සහනාධාර ප්‍රමාණයක් ලබාදුන් එකම රජය වත්මන් රජය බවයි.
     
    "ගොවි ජනතාව අතරමන් කළේ නැහැ. නියං සහනාධාර ලබාදීමට පසුගිය දෙවසර තුළ රජය රු. මිලියන 38,000 ක් වැය කළා. ඒ වගේම පොහොර සහනාධාරය ලබාදීමට මේ වසරේ දී රු. මිලියන 33,000 ක් වෙන්කර තිබෙනවා. එපමණක් නොවේ වී, බඩඉරිඟු , සෝයා බෝංචි, මිරිස්, ලොකුළූණු සහ අර්තාපල් සඳහා අපි රජය වශයෙන් කෘෂි රක්ෂණය යටතේ එම වගාවන් රක්ෂණය කර තිබෙනවා. මෙම බෝග වගාකරන ගොවීන්ගෙන් අපි වාරික මුදල් වශයෙන් සත පහක්වත් අය කරන්නේ නැහැ. නමුත් වගා හානි වීමක දී අක්කරයකට රු. 40,000 ක් බැගින් හෙක්ටයාර් එකකට රු. ලක්ෂයක මුදලක් අපි වන්දි වශයෙන් ලබාදෙනවා. ඒ වගේම කාබනික ගොවිතැනේ නිරත වන ගොවීන්ට කාබනික පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමට අපි අවශ්‍ය පියවර ගෙන තියෙනවා" යැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya