අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, පුස්තකාලයක්, කාර්යාල පරිශ්‍රයක් සහ පංති කාමරවලින් සමන්විත වන ආකාරයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත.
1951 වර්ෂයේදී ආරම්භ කළ දැරණියගල මහායාය විද්‍යාලය, 2003 වර්ෂයේදී වසාදමා තිබූ අතර, නැවත 2005 වර්ෂයේදී මෙම විද්‍යාලය විවෘත කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත. මේ වන විට 1-5 ශ්‍රේණි දක්වා පංති පවත්වනු ලැබූ මෙම විද්‍යාලයේ නව ගොඩනැගිල සංකීර්ණය ලැබීමත් සමග 1-11 දක්වා පංති පැවැත්වීමට හැකියාව හිමිවේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ දුෂ්මන්ත මිත්‍රපාල, දැරණියගල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති රංජිත් පොල්ගම්පල සහ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා යන මහත්වරුන්ද එක්ව සිටියහ.