අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගනේපල්ල හා හක්බෙල්ලාවක ජලයෝජනා ක්‍රම විවෘත කිරීම ඔක්තොම්බරයේ

    අගෝස්තු 02, 2018

    පවුල් දහසකට පමණ පානීය ජලය සැපයීම සඳහා රුපියල් මිලියන 130.5 ක වියදමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගනේපල්ල සහ හක්බෙල්ලාවක ප්‍රදේශවල ඉදිකෙරෙමින් පවතන ග්‍රාමිය ජල සම්පාදන යෝජනා ක්‍රම දෙක ඔක්තොම්බර් මාසයේදී විවෘත කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති කළමණාකාර ඉංජිනේරු ලලිත් විජේසිංහ මහතා පවසයි.

    නාගරික සැලසුම් හා ජල සම්පාදන ඇමති රාවුෆ් හකීම් මහතාගේ මග පෙන්වීම මත ගනේපල්ල ග්‍රාමීය ජල සැපයුම් යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් පසුගිය වසරේ ජූලි මාසයේදි ද, හක්බෙල්ලාවක ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් 2018 ජනවාරි මාසයේදී ද ආරම්භ කළ අතර මේ වන විට ඒවායේ 80%ක වැඩ අවසන් වී ඇති බවද විජේසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මෙයින් ගනේපල්ල ග්‍රාමීය ජල සැපයුම් යෝජනා ක්‍රමය මගින් දිනකට  පානීය ජලය ඝන මීටර් 250ක් බෙදා හැරෙන අතර ඉන් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 10කට අයත් පවුල් 452කට සෙත සැලසේ.

    ඒ සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලයන 57කි. හක්බෙල්ලාවක ග්‍රාමීය ජල සැපයුම් යෝජනා ක්‍රම මගින් දිනකට පානීය ජලය ඝන මීටර් 250ක් නිකුත් කෙරෙන අතර එයින් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 10කට අයත් ගම්වල ජනතාවට සෙත සැලසෙන බවද විජේසිංහ මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya