අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චිය උලියන්කුලම වැව් බැම්මේ බිඳීයාම වැළැක්වීමට යුද හමුදා සහාය

    ජූලි 30, 2018
    කිලිනොච්චිය, තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උලියන්කුලම වැව් බැම්මේ ප්‍රධාන ස්ථානයක බීඳීමක් ඇති බැව් ගම්වාසින් විසින් දැනුම්දීමෙන් අනතුරුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 10 වන සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 150 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් හා 100 කට වැඩි ගම්වාසීන් පිරිසක් එක්ව  පසුගිය දා වැලි කොට්ට 2800ක් පමණ අසුරමින් වැව් බැම්මේ ඇතිවී තිබෙන හානිය වළක්වාලීමට කටයුතු යොදා ඇත.
     
    ගොවිතැන් කටයුතුවල නියැලෙන ගම්වාසීන් 65 වන සේනාංක මුලස්ථානයට පැමිණ එම අන්තරාදායක තත්ත්වය පිළිබඳව සේනාංකාධිපතිවරයා වෙත දැනුම් දුන් අතර අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වැව් බැම්ම සහ ප්‍රදේශයට සිදුවීමට ඉඩඇති හානිය අවම කිරීම සඳහා උපකාර ඉල්ලා ඇත.
     
    මෙම උලියන්කුලම වැව ආශ්‍රිතව පවුල් 500 ක් පමණ ජීවත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya