මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රත්නාවල ඇල්ල" ආශ්‍රිතව සංචාරක කලාපයක්

    ජූලි 31, 2018
    දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ පිහිටා ඇති සුන්දර දියඇල්ලක් වන රත්නාව ඇල්ල ආශ්‍රිතව සංචාරක,  ආකර්ශණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
     
    දෙස් විදෙස් සංචාරකයින්ගේ ඇස නොගැසුනු අතිශය දුෂ්කර ප්‍රදේශයක, මෙම දියඇල්ල පිහිටා ඇත. මෙම තත්ත්වය  නිසාම ඇතැම් දැව ජාවාරම්කරුවන් විසින් රත්නාව ඇල්ල ආශ්‍රිතව මහ පරිමාණ දැව ජාවාරමක නියැලෙමින් සිටියි.
     
     
    පරිසර හිතකාමී (eco-Tourism) සංචාරක ව්‍යාපාරයක් ලෙස මෙම සංචාරක කලාපය සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව  කටයුතු කරඇත. එමෙන්ම පෞද්ගලික අංශයෙන් ද දායකත්වය මත සියළු පහසුකම්වලින් සමන්විත සංචාරක නිකේතනයක් ද මේ යටතේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
     
    රත්නාවල ඇල්ල ආශ්‍රිතව ක්‍රියාත්මක මෙම සංචාරක ව්‍යාපෘතිය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පසුගියදා සහභාගි විය.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල, දැරණියගල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සමසභාපති රංජිත් පොල්ගම්පල, දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා, ආණ්ඩුකාර සහකාර ලේකම් ශමේධානි මාතරහේවගේ සහ දැරණියගල ප්‍රාදේශිය සභාවේ ලේකම් නලින් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya