අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් අධ්‍යාපන ක‍්‍රමය තාරුණ්‍යයේ අවශ්‍යතා ඉටු කිරීමට ප‍්‍රමාණවත් නැහැ - අමාත්‍ය සරත් අමුණුගම

    ජූලි 30, 2018
    වත්මන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක‍්‍රමය ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ  අවශ්‍යතාවය ඉටු කිරීමට තරම් ප‍්‍රමාණවත් නොවන බව විද්‍යා තාක්ෂණ හා  පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් හඳුන්වාදෙන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ  නිපුණයන්  බිහිකරන දින 120  කඩිනම් පාඨමාලාවේ සමාරම්භක උත්සවයට සහභාගී  වෙමිනි. මෙම පාඨමාලා යටතේ මාතර දිස්ත‍්‍රික්කයෙන්  තොරා ගත් තරුණ තරුණියින්  60ක්  දැව තාක්ෂණ ශිල්පී,  ජලනල  තාක්ෂණ  ශිල්පී,  ඉදිකිරීම්  ශිල්පී  යන ක්ෂේත‍්‍ර යටතේ  පුහුණුව හදාරා ඇත.
     
    පාඨමාලාව අවසානයේදී  මෙම  තරුණ  තරුණියන්  හට  NVQ 3 මට්ටමේ සහතිකයක්,  රුපියල්  60000  දහසක  දීමනාවක්,  ආයුධ  කට්ටලයක්  හා  දේශිය  හෝ  විදේශීය  රුකියාවක්  ලබා  දීමට  සැලසුම්  කර  ඇත.
     
    මෙම  පාඨමාලාව  නියමු ව්‍යාපෘතියක්  ලෙස  ගම්පහ  දිස්ත‍්‍රික්කයේ සාර්ථකව නිම  කළ අතර  මෙය  එහි  දෙවන  පියවරයි. මෙම වයාපෘතිය  සඳහා  මුල්‍ය අනුග‍්‍රහය  දක්වන්නේ  ජර්මානු තාක්ෂණ  සහයෝගිතා  ආයතනයයි.
     
    මෙම  අවස්ථාවට  මුදල්  හා  ජනමාධ්‍ය  අමාත්‍ය  මංගල  සමරවීර,  කරුණාරත්න  පරනවිතාන,  ශ්‍රී ලංකා ජර්මානු  තානාපති  ජෝන්  රොහඩි ශ්‍රී ලංකා  වෘත්තීය  පුහුණු  අධිකාරියේ  සභාපති  නීතීඥ  රවී ජයවර්ධන,  උප  සභාපති  තිසර  ගුණසිංහ  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya