අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොලොන්න නිල් දිය දහර ප්‍රජා ජල ව්‍යාපෘතිය, වැඩි දියුණු කෙරේ

    ජූලි 28, 2018
    කොලොන්න නිල් දියදහර ප්‍රජා මූල ජල ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා සබරගමුව පළාත් සභාව මගින් පියවර ගෙන ඇතැයි පළාත් ආණ්ඩුකාර  නිලූකා ඒකනායක මහත්මිය  පසුගියදා සඳහන් කළාය.
     
    එම මහත්මිය ඒ බව සඳහන් කළේ  එම ප්‍රජා ජල ව්‍යාපෘතිය පිළිබඳව සිදුකළ නිරීක්ෂණයට එක්වෙමිනි.
     
    ඇඹිලිපිටිය කොලොන්න ආශ්‍රිත පවුල් ඒකක 685 සඳහා මෙම ප්‍රජාමූල ව්‍යාපෘතිය මගින් ජල සම්ප්‍රදානය කර ඇත. 2005 වර්ෂයේ දී ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ ජල ටැංකි 6ක් ආශ්‍රිතව ජල ඝන ලීටර් එක්ලක්ෂ පනස් දහසක් එකවර ගබඩා කිරීමේ පහසුකම් සලසා ඇත. ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑපහක වියදමින් නව ජල පෙරණ පද්ධතියක් ද සකස් කර ඇත.
     
    නව නැලිය ශ්‍රී බෝධිරාජාරාමය ආශ්‍රිතව පාලනය වන නිලිදිය දහර ප්‍රජා ජල ව්‍යාපෘතිය අතිපූජ්‍ය  කොලොන්න සීලවංශ මහ නාහිමි ප්‍රමුඛ කමිටිටුවක් යටතේ පාලනය වේ. මේ යටතේ කොළොන්න ජාතික පාසැල, රජයේ රෝහල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 14 ජලය සඳහා ද ලබාදී ඇත.
     
    එමෙන්ම කරපිංචාව, බින්නගම, මුගුණුතැන්න, පිටවෙල, මරංආර, නව නැලිය, පල්ලේගම්මැද්ද, කොලොන්න නගරය, දහදිගල යන ගම්මාන වෙත ද මේ තුළින් ජලය ලබාදී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya