අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්පත්තු සංචාරකයින්ට අලූත් පාරාදීසයක්

    ජූලි 26, 2018

    විල්පත්තු සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. විල්පත්තු වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා ආණමඩුව දෙසින් ඇති පිවිසුම් මාර්ගය මූලික කර ගනිමින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.

    සංචාරක කර්මාන්තය තුළින් ප‍්‍රදේශයට ආර්ථික සංවර්ධනය අත්කර දීම මෙහි මූලික අරමුණකි. වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව රජය මේ සඳහා ප‍්‍රතිපාදන වෙන්කර තිබේ.

    දේශීය නිෂ්පාදන අළෙවි කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීමටද මෙමගින් සැලසුම් කර තිබේ. විල්පත්තුවේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයින්ට දේශීයත්වයට අනුව පිළියෙල කළ ආහාර ලබා දීම, දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව උදාකිරීම, නවාතැන් පහසුකම්, දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ඇතුළු බොහෝ දේ වෙනුවෙන් මෙම උද්‍යානය තුළ වෙන් වෙන් වශයෙන් මධ්‍යස්ථාන පිහිටුවීමටද යෝජනා වී තිබේ.

    එමෙන්ම පිහිනුම් තටාක, ව්‍යායාම් සඳහා වෙන්වූ කලාප ඇතුළු අංග රැසක් ඉදිකිරීමට නියමිතය. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියේ සියළු ඉදිකිරීම් 2019 වසර අවසන්වන විට නිම කිරීමට නියමිත බවයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, එම උද්‍යානයේ ඉදිකිරීම් සිදුවන ආකාරය නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී ය. විල්පත්තු සෆාරි උද්‍යායනය ප‍්‍රදේශයේ සියළු කර්මාන්තකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya