මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 12.5 ක වියදමින් ඉදිකෙරෙන ජනඋදා ගම්මානය කිරින්ද පුහුල්වැල්ලට

    ජූලි 26, 2018

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවනු ලබන ජන උදාන නිවාස ගම්මාන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 125 ක වියදමින් ඉදිවන 952 වන ජන උදාන නිවාස ගම්මානය මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තැන්නහේන ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ එකම සැලසුමකට අනුව අක්කර දෙකක භූමි භාගයක ඉදිකෙරෙන මෙම නිවාස ගම්මානය තුළ නිවාස 25 ක් ඉදි කෙරෙන අතර එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් නිවාස 25 සඳහා රුපියල් ලක්ෂ 125 ක් වැය කෙරේ. එම මුදල් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස හිමියන් සඳහා ආධාරයක් වශයෙන් ලබා දෙයි. කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිරින්ද මගින් පහළ ග්‍රාම නිලධාරී වසමේ නිවාස නොමැති මුස්ලිම් ජනතාව සඳහා මෙම නිවාස ලබා දීමට නියමිත ය.


    මෙම මුල් ගල් තැබීමේ උත්සව අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී බී.ජී.චන්දන ප්‍රියන්ත මහතා ඇතුළු දේශපාලන නායකත්වය, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් චින්තක අබේවික්‍රම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ජනතාව සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya