අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිඔය අවතැන්වූවන්ගේ නිවාස ගැටළුවට විසඳුම්

    ජූලි 21, 2018
    පසුගිය සමයේ ඇති වූ ගැටුම් හේතුවෙන් වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැළඹවැව, මායාවැව, සපුමල්තැන්න, ගජබාපුර, හංසවිල හා නාමල්පුර යන ගම්මානවල ජීවත්ව ගැටුම් හේතුවෙන් අවතැන් වූ පවුල් 1,000කගේ නිවාස ගැටලුව විසඳීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් රජය විසින් මේ වන විට ආරම්භ කොට ඇත.
     
    එම ව්‍යාපෘතිය යටතේ නිවාස 1,084ක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර, ඉන් නිවාස 994ක ඉදිකිරීම් අවසන් කර ඇත. මේ වන විට ඉතිරි නිවාස 90හි වැඩ නිම කෙ‍ෙරමින් පවතියි. 
     
    එම ගම්මානවල ජීවත්ව සිට ගැටුම් හේතුවෙන් එම ප්‍රදේශ හැර ගිය තවත් පවුල් 256ක් නැවත ගම්බිම් වෙත පැමිණ අඩු පහසුකම් යටතේ තාවකාලික නිවාසවල පදිංචිව සිටින අතර සිය නිවාස ඉදි කරගැනීමට සහාය ලබා දෙන ලෙස ඔවුන් විසින් රජයෙන් ඉල්ලීම් කොට ඇත. ඒ අනුව, ඔවුන් සඳහාද ඉහත නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදි කර දීමට මේ වන විට රජය තීරණය කොට ඇත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya