අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළු ගඟ රන් දියවර මංගල්‍යය හෙට

    ජූලි 22, 2018
    මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ම ක්‍රියාත්මක වන කළු ගඟ ජලාශයේ රන් දියවර රැස්කිරීමේ මංගල්‍ය හෙට (23) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල කළු ගඟ වේල්ල අසල දී පැවැත්වේ.
     
    දිවයිනේ පළාත් හතරක යල - මහ දෙකන්නයේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසඳුම් ලැබේ. මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් මහ ඇළ ව්‍යාපෘතිය සඳහා ද දෙකන්නයටම වගා කිරීමට අවශ්‍ය ජලය හිඟයකින් තොරව ලබා දීම අරමුණය. ඒ තුළින් හුරුළු වැව, මානන්කට්ටිය, ඒරු වැව, නාච්චාදූව හා තිසාවැව හරහා ලොකු කුඩා වැව් 1200ක් පමණ  පෝෂණය කෙරෙනු ඇත.
     
    මහකනදරාව දක්වා වූ ඇළ මාර්ගයේ පළමු අදියරේ දි කිලෝමීටර් 96ක් දිග ඇළක් මඟින් ජලය බෙදා හැරේ. එම වාරි ඇළේ උමං මාර්ගය කිලෝමීටර් 28කි. මහ ඇළ ව්‍යාපෘතිය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.
     
    කළු ගඟ ජලාශය අක්කර අඩි හය ලක්ෂ හැට දහසක ජල ධාරිතාවකින් යුක්තය.  මොරගහ කන්ද කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද මෙදින සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya