අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ පවුල් 150කට හිමිකම් ඔප්පු

    ජූලි 23, 2018
    දීර්ඝ කාලයක් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල ජීවත් වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ තවත් පවුල් 150 කට පමණ හිමිකම් ඔප්පු ලබා දීම පසුගිය දා ඉඩම්, ඉඩම් සංවර්ධන හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවට තිරසර සංවර්ධන වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, අත්තනගල්ල එජාප සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුභසිංහආරච්චි මහතා ඇතුළු එහි නිලධාරින් සහ ප්‍රාදේශීය මැති ඇමතිවරුන් රැසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya