අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාවනැල්ල බදුරියා මධ්‍ය මහ විද්‍යාලය, ජාතික පාසල් පද්ධතියට

    ජූලි 21, 2018
    මාවනැල්ල බදුරියා මධ්‍ය මහ විදුහල ජාතික පාසලක් ලෙස සංවර්ධනය කරන බව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළාය.
     
    පළාත් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළේ එම විද්‍යාලයේ පැවති පාසැල් සංවර්ධන කමිටුවට එක් වෙමිනි.
     
    මෙහිදී අදහස් දැක්වූ නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළේ අමාත්‍ය කබීර් හෂීම් මහතා  කළ ඉල්ලීමකට අනුව සබරගමුව පළාත් පාසැලක් වූ මාවනැල්ල බදුරියා මධ්‍ය මහා විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ජාතික පාසැලක් ලෙස සංවර්ධනය  කිරීමට කටයුතු කරන  බවය. සබරගමුව පළාතේ මේ වන විට පළාත් පාසැල් 1116 ද, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ජාතික පාසැල් 28 ක් ද ක්‍රියාත්මකය.
     
    ‍මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය පැවසූවේ ඉතා අඩු භෞතික හා මානව සම්පත්වලින් යුක්ත වූ මාවනැල්ල බදුරියා මහ විද්‍යාලය මානව හා භෞතික වශයෙන් සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව විශාල කැප කිරීමක් සිදුකර ඇති බවය.
     
    එලෙස සංවර්ධනය කළ මෙම විද්‍යාලය ඉදිරියටත් පවත්වාගෙන යාමේ හැකියාව සබරගමුව පළාත් සභාවට  නොඅඩුව ඇතැයි පැවසූ නිලූකා ඒකනායක මහත්මිය අමාත්‍ය කබීර් හෂීම් මහතාගේත්, මුස්ලිම් ප්‍රජාවගේත් ඉල්ලීම සලකා බලා මෙම තීන්දුව අකමැත්තෙන් වුවද ගැනීමට සිදුවූ බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට මොහමඩ් සාලි මව්ලවීතුමා, අමාත්‍ය කබීර් හෂීම්, හිටපු අමාත්‍යවරුන් වන ආතාවුද සෙනෙවිරත්න, ලලිත් දිසානායක සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර මහින්ද යන මහත්වරුන්ද එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya