මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ඉඩම් ගැටළු නිරාකරණය කිරීමට පියවර

    ජූලි 20, 2018

    දිවයිනේ ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරිමේ අරමුණින් ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන කඩිනම් කිරීම වෙනුවෙන් රටපුරා සැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ජා මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් සාකච්ජාව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

    ඒ අනුව දිස්ත්‍රික්කයේ සියළු ඉඩම් ගැටළු ඉදිරි මාස කිහිපය තුළ හඳුනාගනිමින් ඒවාට ස්ථිර විසඳුම් ලබාදීමට එම සාකච්ඡාවේ දී එකඟතාවයට එළඹ තිබේ.


    මේ අවස්ථාවට අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා, කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා ඇතුළු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරු ඇතළු
    ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩ්බ් කරුණාරත්න මහතා, කෑගල්ල දිස්ත්‍රික්ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඇතුළු ප්‍රාදේශිය ලේකම්වරුන්, ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය සහඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිළධාරින් ඇතුළු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya