අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළ සංරක්‍ෂණය සඳහා පොල් පැළ රෝපණය කෙරේ

    ජූලි 20, 2018
     
    යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ සමීප සම්බන්ධතාවයෙන් යුතුව මයිලඩි වෙරළ තීරය සංරක්‍ෂණය කිරීමේ තවත් එක් අදියරක් ලෙස පොල් පැළ 200 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගිය දා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.
     
    යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබු වෙරළ සංරක්‍ෂණ වැඩසටහනට අනුව වෙරළ තීරය ආවරණය වන පරිදි මේ වනවිට පැළ 2000 ක් පමණ රෝපණය කර ඇත. මීට අමතරව, යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන් සිය ගණනකට ආර්ථික වටිනාකමින් යුත් පැළ තොගයක් ද බෙදාදෙනු ලැබීය. තවද, යුද හමුදාපතිතුමන්ගේ සංකල්පයකට අනුව පසුගිය වසර තුළ යුද හමුදාවට එක්වු ආධුණික සෙබළුන් මෙන්ම සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ට පැළ 20,000 කට අධික ප්‍රමාණයක් බෙදාදෙන ලදී. එමෙන්ම, පැළ බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ බලසේනාංක වෙත උපදෙස් ලබාදී ඇත.
     
    ඒ අනුව, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් මයිලඩි ප්‍රදේශයේ දී 515 වන බලසේනාවේ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් මෙම පැළ රෝපණ වැඩසටහන දියත් කරන ලදී. එමෙන්ම වෙරළ සංරක්‍ෂණ වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් රාජ්‍ය ආයතනයන්හි නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya