අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභ්‍යන්තර ගුවන් ක්ෂේත්‍රයට සම්බන්ධවන පුද්ගලික අංශයට රජයේ සහය

    ජූනි 28, 2018
    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු සංවර්ධනය කිරිමට සම්න්ධවන පුද්ගලික අංශයට සහ දෙස් විදෙස් ව්‍යපාරිකයන්ට අවශ්‍ය පුර්ණ සහය රජයෙන් ලබා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පෙන්වාදෙයි.
     
    අමාත්‍යවරයා මේ බව පෙන්වාදුන්නේ පසුගියදා IWS HOLDINGS පෞද්ගලික සමාගම විසින් වැලිසර ප්‍රදේශයේ ඉදි කරන ලද හෙලිකොප්ටර් අංගනය සහ සැහැල්ලු ගුවන්යානා නඩත්තු කිරිමේ මධ්‍යස්ථානය විවෘත කිරිමේ  අවස්ථාවට සහභාගි වෙමින්ය.
     
    මෙම අංගනය තුළ හෙලිකොප්ටර් යානා ගාල් කර තැබීම, අළුත්වැඩියා කිරිම සහ නඩත්තු කිරිමේ පහසුකම් සිදු කරනු ලබයි. පුද්ගලික අංශය විසින් මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භ කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
     
    ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ට සහ විදෙස් ආයෝජකයින්ට ප්‍රයෝජනය සඳහා අභ්‍යන්තර ගුවන් සේවාවන් පුළුල් කිරිම අත්‍යවශ්‍යය බවත්  මෙම ගුවන් සේවා කටයුතු පුළුල් කිරිමේදී ඒ සඳහා යොදා ගන්නා සැහැල්ලු ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා අළුත්වැඩියාව සහ නඩත්තු කිරිම වැනි කටයුතු සඳහා මෙවැනි මධ්‍යස්ථාන ඉදි කළ යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා පසුගිය කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන්සේවා පහසුකම් ලබා දුන්නේ ගුවන් හමුදාව මගින් බවත් පෙන්වා දුනි. 
     
    අභ්‍යන්තර ගුවන්ගමන්  වඩාත් මෙරට ජනතාවට ලං කිරිම සඳහා  ගුවන් ගමන් ලාබදායි සහ පහසුමිලට ලබා දීම ඒ සඳහා රජය විසින් පුද්ගලික අංශය සඳහා සහය ලබා දිය යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය.
     
    "දැනටමත් මඩකලපුව ඇතුළු අභ්‍යන්තර ගුවන්තොටුපලවල් රාශියක්  රජයේ වියදමින් සංවර්ධනය කරගෙන යනවා. ඒ වගේම අපේ රටේ තරුණ තරුණියන් මැද පෙරදිග යවනවාට වඩා මෙවැනි කාර්යයන් සඳහා යොදවනා ගන්න පුළුවන්. විශේෂයෙන්  අද අපේ උගත් තරුණ තරුණියන් ඇමරිකාව, ඕස්ටේලියාව වගේ රටවලට ගොස් තමයි ගුවන් නියමුවන් බවට පත් වන්නේ නමුත් ඒ පහසුකම් ලංකාවේදිම ලබා දෙන්න පුළුවන්නම් වඩාත් ලාබදායි ලෙස අපේ මව්බිම තුළ ම අපට අවශ්‍යය වෘත්තීකයන් පුහුණු කරන්න පුළුවන්. ඒ වගේම  විශේෂයෙන් අද ලෝකයේ ගුවන් නියමුවන්ගේ විශේෂ හිඟයක් තියෙනවා. ICAO සංවිධානය ඉදිරි වර්ෂ  දහය සඳහා ගුවන් නියමුවන් දෙලක්ෂයක් පමණ ඉල්ලුමක් තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා එම නියමුවන් පුහුණු කිරිම සඳහා මෙවැනි ආයතන තුළින් දායකත්වය ලබා දෙන්න පුළුවන්. විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලබා ගන්න පුළුවන් වෙනවා. 
    මෙවැනි ව්‍යාපෘති රජයට පමණක් සිදු කරන්න බෑ . මේ සඳහා මෙවැනි පෞද්ගලික ආයතන සමග රජය අත්වැල් බැද ගත යුතුයි. කිසි විටක පෞද්ගලික අංශය රජයේ හතුරන් සේ නොසැලකිය යුතුයි. සිංගප්පුරුව වැනි රටවල ආර්ථික සංවර්ධනයක් ඇති වුනේ  එම රජය දෙස් විදේස් පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කළ නිසයි. ඒ නිසා ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ මෙවැනි ව්‍යාපපෘතියක් ආරම්භ කළ ආතර් සේනානායක මහතාට මාගේ ප්‍රණාමය පුද කරනවා " යැයි ද අමාත්‍යවරයා මේ බව වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය රාහුෆ් හකීම්  මහතා සහ  IWS HOLDINGS ආයතනයේ සභාපති ආතර් සේනානායක මහතා ඇතුළු එම ආයතනයේ නිළධාරි පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya