මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණමඩුවේ පාසල් 09ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කරයි

    ජූනි 28, 2018
    ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශයේ පාසල් 09ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 
     
    පුත්තලම, කරුවලග්සවැව, පුලියන්කුලම විද්‍යා චක‍්‍රවර්තී විද්‍යාලයේ අභිනවටයන් ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    පුලියන්කුලම විද්‍යා චක‍්‍රවර්තී විද්‍යාලයේ අභිනවටයන් ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 110 කි. ළගම පාසල හොඳම පාසල යන සංකල්පය යටතේ මෙම පාසලේ පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. පංතිකාමර, පුස්තකාල, විද්‍යාගාර හා පරිපාලන කටයුතු සඳහා මෙහි ඉඩ වෙන්කර තිබේ.
     
    විශාලත්වයෙන් වැඩිම මැතිවරණ කොට්ඨාසයක් ලෙස සැලකෙන ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශය තුළ අධ්‍යාපනයට ඇති පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමේ විශේෂ යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    ඉගෙනීමේ ඇත්ත උවමනාවක් මෙන්ම දක්‍ෂතාවලින්ද පිරිපුන් සිසු පරපුරක් ආණමඩුවේ සිටින බවත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින ඔවුන්ට දැන්වත් සාධාරණය ඉටුවිය යුතු බවත් ඔහු කියා සිටියේය. සියළු තොරතුරු සහිත මේ පිළිබඳ වූ යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අගමැතිවරයා ඊට අනුමැතිය ලබා දුන් බවයි ඔහු පැහැදිලි කර සිටියේ. එමෙන්ම වැඩිම පාසල් ගණනක් සංවර්ධනය කෙරෙන එකම මැතිවරණ කොට්ඨාසය ආණමඩුව පමණක් බවද ඔහු කියා සිටියේය.
     
    ඒ අනුව ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය හා නවගත්තේගම, පල්ලම, සාලියවැව, බණ්ඩාරණායකපුර, මදුරංකුලිය යන මහා විද්‍යාල පළමු අදියර යටතේ ජාතික පාසල් ලෙස සංවර්ධනය කෙරෙන පාසල් වේ. තවත් පාසල් 03 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දෙවන අදියර යටතේ සිදු කිරීමට නියමිත අතර එම පාසල් හඳුනාගැනීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. 
     
    මෙම වැඩපිළිවෙල අනුව ආණමුඩුව මැතිවරණ කොට්ඨාසයට ඇතුලත්වන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08  සඳහාම එක් ජාතික පාසල බැගින් ස්ථාපිත වෙයි. 2018 වසර තුළ මෙම කටයුත්ත සිදු කරන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.
     
    මේ අතර ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ආණමඩුවට අයත් පාසල් 87 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya