අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවට නවක ගුරුවරුන් 900ක්

    ජූනි 28, 2018
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි පළාත් පාසැල් සඳහා නවක ගුරුභවතුන්  900ක් ලබන ජූලි මාසය අවසන් වීමට ප්‍රථම බඳවා ගැනීමට කටයුතු කර ඇතැයි සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසීය.
     
    පළාත් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළේ පසුගියදින ඇඹිලිපිටියේ දී පැවති ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ගේ රැස්වීමට එක් වෙමිනි.
     
    සබරගමුව පළාතේ සිංහල  හා දෙමළ මාධ්‍ය ගුරු හිඟයට පිළියම් ලෙස නවක උපාධිධාරී  සහ  ඩිප්ලෝමාධාරී ගුරුභවතුන් 900ක් බඳවා ගැනීමට පළාත් සභාව කටයුතු කර ඇති බවත් ඊට අදාල ඉල්ලුම්පත් මේ  වන විටත් කැඳවා ඇති බවත් ආණ්ඩුකාරවරිය පැවසීය.
     
    දේශපාලනය හෝ වෙනත් කිසිඳු බලපෑමකින් තොරව, පූර්ණ  විනිවිද භාවයකින් යුත් ක්‍රියා පටිපාටියක් යටතේ  මෙම ගුරුභවතුන් බඳවා ගන්නා බවත් සබරගමුව පළාත තුළ සුදුසුකම් ලත් දමිළ මාධ්‍ය ගුරුභවතුන් නොමැති හේතුවෙන් විශ්‍රාම ලැබූ දමිල මාධ්‍ය ගුරුභවතුන් ද යළි සේවයට කැඳවන බවත් පළාත් ආණ්ඩුකාරවරිය මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය, පළාත් ආණ්ඩුකාර සහකාර ලේකම් ශමේධානී මාතරහේවගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්. එන්. කේ. ධනවර්ධන යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya