මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ඔප්පු බෙදාදීමේ ජාතික වැඩසටහන වේගත් කිරීමට සැලසුම්

    ජූනි 18, 2018
    ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන වේගත් කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඉඩම් ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ උපරිම සහාය කඩිනමින් ලබා ගැනීමේ නව වැඩසටහනක් ඉඩම් අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවා ඇත.
     
    ඉඩම් ගැටළු සම්බන්ධව සෑම කරුණකදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන් ඉටු කරන කාර්ය භාරය ඉතා වැදගත් බැවින් මෙම නිලධාරීන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විෂය පථයට අයත්වන හෙයින් ඉඩම් අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව එකම අරමුණකින් ක්‍රියාත්මක වීමෙන් ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම වඩාත් ඵලදායි හා කඩිනම් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    දීප ව්‍යාප්තව හඳුන්වාදීමට බලාපොරොත්තු වන මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන් හා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
     
    මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. එච්. කරුණාරත්න ගාල්ල දිස්ත්‍රික් ලේකවරයා, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, මිනුම්පති පි.එම්. පි. උදයකාන්ත අතිරේක ලේකම් ඉඩම් එල්. බි. එස්. දයාරත්න  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya