අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදාගම්මාන වැඩසටහනින් 80වැනි ගම්මානයත් ජනතා අයිතියට

    ජූනි 18, 2018
     
    "සැමට සෙවණ" යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියඹලාගස්විල උතුර ඉදිකළ "සෙත්පුරගම" උදා ගම්මානය ඊයේ (17) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
     
    නිවාස 18කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල් රුපියල් ලක්ෂ 165කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙය සමන්විතය. 
     
    සෙත්පුරගම ජනතා අයිතියට පත්කිරීමට සමඟාමිව නිවාසලාභීන් 18දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 150කට රුපියල් ලක්ෂ 150ක් වටිනා "විසිරි නිවාස" ණය ප්‍රදානය, ප්‍රතිලාභීන් 50කට රුපියල් ලක්ෂ 100ක් වටිනා "සොඳුරු පියස" නිවාස ණය ප්‍රදානය, "ශිල්ප සවිය" වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 50දෙනෙකුට රුපියල් ලක්ෂ 25ක් වටිනා වෘත්තිය උපකරණ කට්ටල, නිල ඇඳුම්, වෘත්තීය පොත් කට්ටල ප්‍රදානය, ප්‍රතිලාභීන් 30දෙනෙකුට ප්‍රජා පොලිස් නිවාස ආධාර වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 150ක් වටිනා හිමිකම් පත්‍ර ප්‍රදානය, සුළි සුළඟින් ආපදාවට පත් පවුල් සඳහා රුපියල් ලක්ෂ 7ක ආධාර ප්‍රදානය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 200දෙනෙකුට රුපියල් 160,000ක් වටිනා ඇස් කණ්නාඩි ප්‍රදානය, නිවාසලාභීන් සඳහා අඹ, පොල් පැල සහ ගම්මානයේ නිවාස සමිතිය සඳහා පුටු ලබාදීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.
     
    මීට අමතර ව වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක් ද පැවැත්විණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya