අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන ව‍්‍යාපෘති තොරුතුරු ලබාගැනීමට කාර්යාල තුනක්

    ජූනි 13, 2018
    වයඹ පළාත් ඇළ, කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති තුනෙහි මහජනතාවට තොරතුරු පහසුවෙන් දැනගැනීම සඳහා කාර්යාල තුනක් වීවෘත කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම්  එස්.එම්.ජී.කේ. පෙරේරා  මහතා, ව්‍යාපෘති භාර නිලධාරින්ට දැනුම් දී ඇත.
     
     දිසාපතිවරයා උපදෙස් ලබාදුන්නේ ඉහත  ව්‍යාපෘති තුන හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ තම ඉඩකඩම් හා දේපල අහිමිවන්නන්ගේ  ගැටළු සම්බන්ධයෙන් ව්‍යාපෘති තුනේ නිලධාරින් සමග පසුගියදා මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවැති  රැස්වීමකදීය. 
     
    යම් සංවර්ධන ව්‍යාපෘතියක්  ජනතාවට සගවා සිදුකළ නොහැකි බැවින්  එම ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගන්නා ඉඩම්, ගෙවන වන්දි ප්‍රමාණය  ආදි තොරතුරු ජනතාවට පහසුවෙන් ලබාගැනීමට හැකි විය යුතු බවත් ජනතාවට නිවැරදි  තොරතුරු ලබාදීම තුළින්  ව්‍යාපෘතියක් සාර්ථකව ඉදිරියට ගෙනයා හැකි බවද  දිසාපතිවරයා මෙහිදී පැවැසීය. 
     
    මෙම ව්‍යාපෘති හේතුවෙන් තම ඉඩම් හා නිවාස ඇතුළු දේපල අහිමිවන්නන් පැවසුවේ දුම්රිය මාර්ගය හා  අධිවේගි මාර්ගය ගමන් කරන  මාර්ගය පිළිබඳ  තොරතුරු  නිශ්චිත නොවන බැවින් තම  නිවාස අලුත්වැඩියා කිරිමට හෝ  අලුතින් ගොඩනැගීමට නොහැකිව  වසර ගණනාවක් තිස්සේ බලා සිටිමට සිදුව ඇති බවත් නව  දුම්රිය මාර්ගය  ගමන් කරන මායිම් වරින් වර වෙනස් වීම හේතුවෙන්  ජනතාව ගැටලු රැසකට මුහුණ දී ඇති බව ඔවුන් විසින් පෙන්වා දුන්හ.
     
    මෙම අවස්ථාවට සහාභාගි වු  ගලේවෙල ප්‍රාදේශීය සම්බන්ධිකරන කමිටුවේ සභාපති  ප්‍රියාන්  විජේරත්න මහතා පැවැසුවේ  මෙම ව්‍යාපෘති තුනම ගලේවෙල කොට්ඨාසය හරහා ගමන් කරන බවත්,  එම ව්‍යාපෘති සඳහා  ප්‍රදේශයේ ජනතාවගේ විරෝධතාවයක් නැතත්  ඉඩම් හා දේපල අහිමිවන්නන් වෙනුවෙන් ගෙවන වන්දිය ප්‍රමාණවත් නොවන බවත්ය.  මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමත් සමග ප්‍රදේශයේ  ඉඩම් මිල සිඝ්‍රයෙන් ඉහළ යන බැවින්  ඉඩම් අහිවන්නන් සඳහා  නව ඉඩම් එම ප්‍රදේශයෙන් ලබාදීම නව වැඩපිළිවෙළක අවශ්‍යාතාවයද පෙන්වා දුන්නේය. එමෙන්ම  වෑමැඩිල්ල ජලාශයෙන් පටන්ගෙන කි.මි. 21ක දුරක්  මාතලේ දිස්ත්‍රික්කය හරහා ගමන්කරන  වයඹ ඇළට සමගාමීව  කාපට් ඇතුරු මාර්ගයක්  ඉදිකිරීම තුලින්  ප්‍රදේශය සංවර්ධනයට ඉවහල් වෙන බවද විජේරත්න මහතා පැවැසීය. 
     
    මේ කරුණු සියල්ල පිළිබඳව  අවධානය යොමුකළ මාතලේ දිසාපතිවරයා  ප්‍රකාශ කළේ  මෙම ව්‍යාපෘති තුන වෙන වෙනම ක්‍රියාත්මක වුවත්  ව්‍යාපෘති තුනම එකට ගෙන  සාකච්ඡා කිරිමෙන් ගැටළු රැසක් විසඳාගත හැකි බවයි.  විශේෂයෙන්  දඹුල්ල මහනගර සංවර්ධන සැලැස්ම  සමග  මෙම අධිවේගි  මාර්ගය හා නව දුම්රිය මාර්ගය  සම්බන්ධවන බැවින් ගැටළු අවම කරගැනිම සඳහා මෙම ව්‍යාපෘති සියල්ලේම ප්‍රධානීන්  සති දෙකකට වරක්වත්  හමුවි සාකච්ඡා කළ යුතු බවද මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අවධාරණය කර සිටියේය.
     
    මෙම සාකච්ඡාව සඳහා මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ඉෂාන් විජේතිලක, වයඹ ඇල, අධිවේගි මාර්ගයේ හා දුම්රිය මාර්ගයේ නිලධාරින්  හා ව්‍යාපෘති නිසා ඉඩම් හා දේපල අහිමිවන ජනතාවගෙන් කොටසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya