මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම් නඟාසිටුවීමේ බේරුවල වැඩපිළිවෙළ ඇරඹේ

    ජූනි 08, 2018
    දොරෙන් දොරට ගමින් ගමට ගම් 15,000 ක් නඟාසිටුවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බේරුවල ආසනයේ ඉදිකරන ලද බහුකාර්ය ගොඩනැගිලි 03 ක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කරන ලදී.
     
    බේරුවල හෙට්ටිමුල්ල මරදාන පරණ කඩේ සහ මුල්ලපිටිය යන ප්‍රදේශවල ඉදිකරන ලද මෙම ගොඩනැගිලි සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 75 කට අධික වෙයි. බේරුවල හෙට්ටිමුල්ල සහ මුල්ලපිටිය බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරිම සඳහා ඉඩම් ලබා දී ඇත්තේ පරිත්‍යාගශීලීන් විසිනි.
     
    ශ්‍රී ලංකාවේ නඩුවලින් සියයට 85 ක්ම තිබෙන්නේ ඉඩම් නඩු බවත් ඉඩම් හේතුවෙන් මරණ මෙන්ම ශාරීරික පීඩා ද සිදු වන අතර ම සහෝදර සහෝදරියන් පමණක් නොව දෙමාපියන් ද ඉඩම් හේතුවෙන් මරා ගන්නා යුගයක් නිර්මාණය වී තිබෙන කාලයක පොදු කටයුත්තක් සඳහා ඉඩම් පරිත්‍යාග කිරීම ඉතාම වැදගත් බව මෙම බහුකාර්ය ගොඩනැගිලි විවෘත කිරීමෙන් පසු පැවැති රැස්වීම්වල දී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya