මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ උණ රෝගය ගැන සිසුන් හා දෙමව්පියන් දැනුම්වත් කිරීමට පාසල් රැස්වීම්

    ජූනි 08, 2018

    දකුණු පළාතේ පවතින  උණ රෝගය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල දරු දැරියන් සහ දෙමව්පියන් දැනුම්වත් කිරීම සඳහා පාසල් රැස්වීම් පැවැත්වීමට මාතර දිසත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන ඇත.

    මේ අනුව වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින් මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 17 තුළ පිහිටි සියලුම පාසල් වලට ගොස් ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පිළිබඳවත් එයට ප්‍රතිකාර ලබා දීම, රෝගය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දේශන පවත්වනු ලබන අතර එම වැඩපිළිවෙල අද(08) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවාය.

    මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය දැන් පාලනය කොට ඇත. ඒ බව මාතර දිස්ත්‍රික්කයේ මාතර, කඹුරුපිටිය සහ දෙනියාය රෝහල් වලට පැමිණෙන උණ රෝගින් සංඛ්‍යාව විශාල ලෙස අඩුවීමේන පැහැදිලිවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.


    ඉන්ෆ්ලුවෙන්සා උණ වැළඳුන රෝගින් ව ප්‍රතිකාර කිරීම සඳහා දිස්ත්‍රික්කෙයේ සෑම රජයේ රෝහලකටම අවශ්‍ය තරම් ඖෂධ,වෛද්‍යවරුන් ,හෙදියන්,ඇතැම් කර්ය මණ්ඩල සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්ද එවා තිබේ. එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පිළිබඳව දැනුම්දෙමින් මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් දිස්ත්‍රික්කයේ සියළුම රෝහල් වෙද්‍ය නිලධාරින් ,ක්ෂ්‍රේත්‍ර නිලධාරින් හා පෞද්ගලික රෝහල් වෙත චක්‍ර ලේඛන දෙකක් යවනු ලැබීය.


    එහෙත් මාතර ප්‍රසිද්ධ පාසල් කිහිපයක සිසු සිසුවියන් කිහිප දෙනෙකු මෙම රෝගයෙන් මිය ගිය බවට පසුගිය දිනවල පැතිර තිබුණ ප්‍රචාරය නිසා බොහෝ දෙනා මහත් සේ කලබල විය. මේ පිළිබද අප කළ සොයා බැලීම් වලින් මාතර කිසිදු පාසලක සිසුවෙකු හෝ සිසුවියක මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයෙන් මිය ගොස් නැති බව හෙළි වු බවද වෛද්‍ය පටබැඳිගේ මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.

    ඇතැම් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් මෙම රෝගය පිළිබඳව ජනතාව බිය ගැන්වීමට සිදු කරන වැරදි ප්‍රචාරයන්ට මුළා නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව සඳහන් කළාය.


    මාතර මූලික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩබ්ලිව්.එම් .කේ මැදිවක මහත්මිය මාතර රෝහලෙන් පසුගිය මැයි මාසයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගින් 1275ක් නේවාසිකව හා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා තිබෙන බවද එහෙත් ජූනි මාසයේ මේ වන විට පැමිණ ඇත්තේ එම රෝගින් 50ක් පමණයි, ඒ නිසා මේ පිළිබඳව කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි කීවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya