මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන ජංගම සේවයක් රත්තොට දී

    ජූනි 08, 2018

    අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනයාට නීතිමය ලේඛන පහසුවෙන් ලබාදීමේ අරමුණ ඇතිව රාජ්‍ය භාෂා සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ජංගම සේවයක් ජූනි 10 දින පෙ. ව. 9. 00 සිට මාතලේ රත්තොට හින්දු විද්‍යාලයේදී පැවැත්වේ.

    ජාතික ඒකාබද්ධතා ,සංහිදියා සහ රාජ්‍ය භාෂා ම‍නෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජංගම සේවය පවැත්වෙයි.

    මෙම ජංගම සේවය සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ජාතික හැදුනුම්පත් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය,රාජ්‍ය භාෂා කොමිෂන් සභාව,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, විදුලි බල මණ්ඩලය, නගර ප්‍රාදේශිය සභාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන්සභාව, ජාතික නිවාස අධිකාරිය, සේවක අර්ථ සාධක අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, යන ආයතන රැසක් සහභාගී වේ. ලේඛන ලබා ගැනීමේ දී ජයාරූප සහ සාමදාන විනිහ්චයකරුවන්ගේ සහතික ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya