මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන පිරිසට නොමිලේ පුහුණුවක්

    ජූනි 08, 2018

    ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂිත සහ දැනට කුඩා පරිමාණයෙන් ව්‍යාපාර පවත්වාගෙන යන මහනුවර දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාරිකයන් සදහා විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා තිබේ.

    ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙම පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කෙරේ.

    කුඩා ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන මෙම පුහුණුව සදහා මහනුවර දිස්ත්‍රික්කයෙන් තිස් දෙනෙක් තෝරා ගැනීමට නියමිතය. නේවාසි පුහුණුවක් ලෙස සැලසුම් කොට ඇති මේ සදහා වයස අවුරුදු 45 ට අඩු මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාර ඇරඹිමට බලාපොරොත්තුවන සහ කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන ඕනෑම අයෙකුට ඉල්ලුම් කළ හැකිය.

    අදාල පුහුණු 2018 ජූලි මස 02 දින සිට 13 වැනි දින දක්වා කාලය තුළ පොල්ගොල්ල සමූපකාර ආයතනයේදී පැවැත්වීමට නියමිත අතර, ව්‍යාපාර කටයුතු පිළිබද අත්දැකීම් ඇති ප්‍රවීන උපදේශකවරු වැඩමුළුව මෙහෙයවයි.

    මෙම විශේෂ පුහුණුව සදහා සහභාගී වීමට අපේක්ෂා කරන කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අලුතින් ව්‍යාපාර ඇරඹීමට බලාපොරොත්තු වන අය සිටී නම් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි කුඩා ව්‍යාපාර අංශය වෙත පැමිණ හෝ තැපෑලෙන් අයදුම්පතක් යොමු කරන මෙන් දන්වා සිටියි. එසේත් නැතහොත් දුරකතන අංක 071-4410174 අමතා එල්.එම්.බී. මනෝජා මහත්මිය ඇමතීමෙන් විස්තර ලබා ගත හැකිය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya