අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ වෛරස් තත්ත්වයේ වැඩිවීමක් නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මැයි 22, 2018
    දකුණු පළාත කේන්ද්‍රගතව මාතර, කරාපිටිය, කඹුරුපිටිය ආදි ප්‍රදේශවලින් වාර්තාවන වෛරස් තත්ත්වයේ වැඩිවීමක් දක්නට නොමැති නමුත් යම් මට්ටමක පවතින බවත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර විවිධාකාරයෙන් ගනිමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
     
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මේ වන විට වාර්තාවී ඇති රෝගීන් අතුරින් වැඩි පිරිසකට ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ඇති බවට පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි ද ඒ සඳහා වන ඖෂධ දකුණු පළාතේ සෑම රෝහලකම පවතින බවත් අවශ්‍ය තරම් රසායනාගාර පහසුකම් ඇති බවත් පෙන්වාදෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි පීඩනයකින් ඔක්ෂිජන් ලබාදීමේ යන්ත්‍ර 10ක් අලුතින් මිලදී ගැනීමටත්, කාර්යය මණ්ඩලය ඇතුළු රෝගීන් සඳහා විශේෂ මුඛ ආවරණ ලබාදීමට කටයුතු කර ඇතැයි ද පෙන්වා දෙයි.
     
    එමෙන් ම රෝගය පැතිරීම වළක්වාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් දකුණු පළාත ඇතුළු සෙසු පළාත් සියල්ලේම සෞඛ්‍ය නිලධාරීන් හරහා ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරමින් පවතින බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya