මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2050 වනවිට තෙල් දහනයෙන් තොර විදුලි නිෂ්පාදනයක් - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    මැයි 23, 2018
    වසර 2050 වනවිට තෙල් දහනයෙන් තොරවූ ස්වයංපෝෂිත විදුලි නිෂ්පාදනයක් ලංකාව තුළ ඇතිකිරීමට සැලසුම් කරන්නේ යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කරයි.
     
    ඒ මහතා මෙම අදහස් පළ කළේ,  පසුගියදා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ස්වර්ණජයන්ති පාසලට සූර්ය විදුලිබල පද්ධතියක් ලබාදීමේ අවස්ථාවට  සහභාගි වෙමිනි.
     
    "කාලය සමග නිරන්තර සටන් කරන පොරොන්දු, වගකීම්, යුතුකම් කියන දේවල් කිසිදිනක අමතක නොවෙන දේශපාලඥයෙක් මම. ඒ වගේම ජනප‍්‍රිය රැල්ල තෝරානොගෙන, ඊට වඩා වෙනස් දේශපාලන රාමුවක වැඩකරන දේශපාලඥයෙක්. මම නිරන්තරයෙන්ම සිතන්නේ, මගෙන් ඉටුවිය යුතු වගකීම් පිළිබඳව. ඒ නිසා තමයි සූර්යබල සංග‍්‍රාමය ආරම්භ කරලා තෙල් දහනයෙන් තොරවූ ස්වයංපෝෂිත විදුලි නිෂ්පාදනයක් ලංකාව තුළ ඇතිකිරීමට සැලසුම් කරන්නේ" යැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
     
    මේ රටේ පියසි දසලක්ෂයක් විදුලිබලාගාර කරන්න සැලසුම් කොට ඇතැයි ද මෙම වැඩසටහන ජනතාව අතර ප‍්‍රචලිත කිරීමේ අරමුණෙන් ජනතාවගේ අවධානය වැඩියෙන් යොමුවන පාසල්, පන්සල්, රජයේ කාර්යාලවලට නොමිලයේ සූර්යබල පද්ධති සවි කිරීමට සැලසුම් කොට ඇතැයි ද පෙන්වාදුන් අමාත්‍යවරයා අපේ මුඛ්‍ය අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම යැයි ද පැවසීය.
       
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya