මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුරයේ ග්‍රාම සේවා වසම් 150ක පවුල් 3287ක් ආපදාවට

    මැයි 22, 2018
    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, රත්නපුර, කිරිඇල්ල, අයගම, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 150ක පවුල් 3287ක් ආපදාවට ලක්ව ඇත.
     
    ඒ අනුව පුද්ගලයින් 13033ක් ආපදාවට පත්ව ඇත.  නිවාස 05කට පූර්ණ හානි ද නිවාස 76කට අර්ධ වශයෙන් ද හානි වී ඇති අතර වෙනත් දේපළ හානි සිදුවීම් 110ක් ද වාර්තා වී ඇත.
     
    මේ වන විට පවුල් 909කට අයත් පුද්ගලයින් 3465ක් තම හිතවතුන්ගේ නිවාසවල රැඳී සිටිති. ආපදාවට පත්වූවන් වෙනුවෙන් දිස්ත්‍රික්කය තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන 22ක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථානවල පවුල් 330කට අයත් සාමාජිකයින් 1212ක් රැඳී සිටිති.
     
    රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ හත්දුරුකන්ද ප්‍රදේශයේ  නායයාම හේතුවෙන් එම මාර්ගය මේ වන විට වසා දමා ඇත.
     
    සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය පැවසූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ උපදෙස් පරිදි ආපදාවන්ට පත්වූ ප්‍රජාවට සහන සැලසීමට අවශ්‍ය බලතල රජයේ නිලධාරීන් වෙත පවරා ඇති බවයි. විශේෂයෙන් ආහාර පාන, නවාතැන් සැපයීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා සියළු චක්‍ර ලේඛන අභිබවා ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට අදාල බලය පවරා ඇතැයි  ද පැවසුවාය.
     
    මේ වනවිට නාවික හමුදාවේ බෝට්ටු 30ක් ඇලපාත, කලවාන, රත්නපුර, අයගම සහ කිරිඇල්ල ප්‍රදේශ වෙත පිටත්කර යවා ඇත. එමෙන්ම ඔරු අඟුල් 57ක්, පොලීසිය සතු බෝට්ටු 16ක් මේ වන විට ආපදාවන්ට ලක්වූ කලාප වෙත පිටත් කර යවා ඇත.
     
    මේ වන විට කළු ගගේ ජල මට්ටම මීටර් 7.9 දක්වා ඉහළ ගොස් ඇති අතර එය මීටර් 9 දක්වා වර්ධනය වුවහොත් මහ ගංවතුර තත්ත්වයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව රත්නපුර වාර්මාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.
     
    රත්නපුර, නිවිතිගල සහ දෙහිඹ්විට කලාපයන්වල සියලු ම පාසැල් ඊයේ (21) සහ අද(22) දෙදින තුළ වසා ඇතැයි පළාත් අධ්‍යාපන ලෙක්ම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya