මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ආපදාවට පෙර සූදානම” - දෙසති වැඩසටහන

    මැයි 19, 2018
    ඉදිරියේදී නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කරලීම මගින් ජනතාව හා දේපල සුරක්ෂිත කර ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පැවැත්වීමට නියමිත ආපදාවට පෙර සූදානම - දෙසති වැඩසටහන 21දා සිට ලබන මස 03දා දක්වා ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම විශේෂ දෙසතියක කාලය තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සිදු විය යුතු පූර්ව සූදානම හා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙන්ම හදිසි ආපදා තත්ත්වයකදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
     
    පසුගිය දෙවසරක දත්ත උපයෝගී කර ගනිමින්, මෙවර නිරිත දිග මෝසම් සක්‍රය වීම තුළ අවධානමට ලක් විය හැකි දිස්ත්‍රික්ක 11ක් පූර්වේක්ෂණය කර ඇති අතර, මෙම දිස්ත්‍රික්කයන්හි ග්‍රාමසේවා වසම් කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ දෙසති දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් හා අනිකුත් සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya