මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසු දහසකට සෙත සැලසෙන ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියට මුල්ගල තබයි

    මැයි 18, 2018

    යෝජිත ආණමඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියට මැයි 23වැනි බදාදා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් මුල්ගල් තැබීමට නියමිතය.

    පුත්තලම, ආණමඩුව, ගල්ගමුව, නවගත්තේගම, මූන්දලම සහ මහ කුඔුක්කඩවල, යන ප්‍රදේශවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 125ක ජීවත් වන 81 දහසකටත් අධික ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට හැකිවේ.

    ස්පාඤ්ඤ රජයේ රුපියල් මිලියන 6683ක් සහ ශ්‍රී ලංකා රජයේ ආධාරයෙන් රුපියල් මිලියන 1942ක් ද මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්ඩී .ජී.එම්.වී. හපුආරච්චි මහතා පවසයි.

    ඉඟිනිමිටිය ජලාශය ජල මූලාශ්‍රය කරගෙන දිනකට ඝන මීටර් 12,500කින් යුත් තුළුමුවක්, දිනකට ඝන මීටර් 11,000කින් යුත් පිරිපහදු මධ්‍යස්ථානයක්, ජල කුළුණු 3ක් සහ කිලෝ මීටර් 325ක ප්‍රමාණයේ බෙදාහැරීමේ පද්ධතියක් ද මෙම ව්‍යාපෘතියට අයත්වේ.

    ලබන බදාදා පෙ.ව 9.00ට මුල්ලේගම රජමහා විහාර පරිශ්‍රයේදී ආරම්භවන මෙම මුල්ගල තැබීමේ උත්සවයට වාරිමාර්ග ජල සම්පත් කළමනාකරණ හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සෘජු අධීක්ෂණය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya