මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික්කයේ නිල සෙවණ කාර්යාල පහක් ජනතා අයිතියට

    මැයි 18, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි කරන ලද නිල සෙවණ කාර්යාල පහක් පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරන ලදී.

    ඒ අනුව මහනුවර ගගවට කෝරලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ඉදි කළ මහයියාව සහ අරුප්පල නිල සෙවණ කාර්යාල දෙකක් සහ දෙල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බෝපිටිය සහ බවුලාන නිල සෙවන කාර්යාල දෙකකුත් ජනතා අයිතියට පවරන ලදී. ඊට අමතරව දොළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මෙගොඩ කළුගමුව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ කාර්යාලයද විවෘත කරන ලදී.

    මෙම එක් නිල සෙවණ කාර්යලයක් සදහා රජය මගින් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වෙන් කොට ඇති අතර,ගම් මට්ටමින් ජනතාවට අවශ්‍යවන ප්‍රධාන නිලධාරින් සිව් දෙනෙක් එකම කාර්යල පරිශ්‍රයකදී මුණ ගැසී තම සේවා අවශ්‍යතා සපුරා ගත හැකිය. ඒ අනුව ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී, සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර යන නිලධාරීන් සිව් දෙනාම එකම කාර්යාලයකදී ජනතාවට මුණ ගැසීමේ අවස්ථාව සළසා දී තිබේ.

    මෙම වසර තුළ මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 70 ක් මුල් කරගෙන නිල සෙවන කාර්යාල ඉදි කෙරෙන අතර, ඒ සදහා ලක්ෂ 130 ක මුදලක් වෙන් කොට තිබේ.කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස මෙය හැදින්විය හැකිය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya