අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    JICS ආයතනය වෙතින් කටුනායක ගුවන් තොටුපළට මිලියන 300ක් වටිනා උපකරණ

    මැයි 15, 2018
    JICS ආයතනය (ජපන් ජාත්‍යන්තර සහයෝගීතා වැඩසටහන) මගින් ක්‍රියාත්මක කරනු ලබන ජපාන ආර්ථික, සමාජ සංවර්ධන ආධාර වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ කටුනායන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවශ්‍යතාවයන් සඳහා ආධාර කෙරෙන බව ගුවන් තොටුපළ අධිකාරිය පවසයි. 
     
    මෙම වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 300 ක් වටිනා වාහන ඇතුළු උපකරණ තොගයක් බාරදීම ඊයේ (14) පස්වරුවේ කටුනායන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (Kenichi Suganuma) මහතා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත මෙම උපකරණ තොගය භාර දෙන ලදී. 
     
    හදිසි ගුවන් සේවා කටයුතුවලදී භාවිතයට ගැනෙන සේවා වාහන 05 ක්, ගිලන්රථ 02 ක්, ගුවන්යානා හා පාලන කුළුණු සමග සම්බන්ධවීමට යොදා ගන්නා VHF තරංගමාලා ශ්‍රව්‍ය උපකරණ 05ක්, විදේශ රටවලින් මෙරටට පැමිණෙන කුරුළු උණ H1 N1 වැනි බෝවන රෝග පරීක්ෂා කෙරෙන යන්ත්‍ර 04ක්, දියර පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කෙරෙන යන්ත්‍ර 08ක් භාරදෙන ලද උපකරණ තොගයට අයත් වේ.
     
    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා (Kenichi Suganuma) මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කටයුතු සඳහා ජපානය විසින් තවදුරටත් ආධාර උපකාර කිරීමට සුදානම් බවය. එමෙන්ම කටුනායන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ල සඳහා ජයිකා ආධාර යටතේ අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව හෙතෙම පැවසීය. විශේෂයෙන් ශ්‍රී ලංකාව හා ජපානය අතර 1952 වසරේ සිට ඇති වු තානාපති සබඳතා තුළින් ගොඩනැගුණු මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වී ඇති බවද පැවසීය. 
     
    මෙම අවස්ථාවේදී අදහස් දැක්වු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ,  ශ්‍රී ලංකාව හා ජපානය අතර ඇති දිගු කාලීන මිත්‍රත්වය නිසා ජපානය සෑම විට ම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉදිරිපත් වී අතර, විශේෂයෙන්ම බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමට ආධාර කිරීමට ඉදිරිපත්වීම පැසසිය යුතු කරුණක් බවයි. මේ තුළින් ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් තහවුරු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අශොක් අබේසිංහ, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර මහතා ඇතුලු ගුවන් තොටුපල නිළධාරීන්ද  සහභාගී වුහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya